ඒකාබද්ධ විපක්ෂය ඇබ්සන්ට් අතරේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 5, 2018

ඒකාබද්ධ විපක්ෂය ඇබ්සන්ට් අතරේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ජනපති හා අගමැති ධූරවල වෙනස්කම් සහිත පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම පනත් කෙටුම්පත

ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් ස්ථිර කරන ලදී.

මෙම සංශෝධන කෙටුම්පත පසුගිය මැයි 25වනදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයා වෙත භාර දුන් අතර ඉන් පසු එය නීතිපතිවරයා වෙත යොමු කරන ලදී. නීතිපති විමර්ශනයෙන් පසු එය ගැසට් කළ අතර ඉන් පසු මෙසේ අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ විරෝධතාවය හේතුවෙන් අද පාර්ලිමේන්තුවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැති අතර ඔවුන් මෙයට විරුද්ධවී තිබුණි.
කෙසේ වෙතත් අද සිදුවූයේ යෝජනාව ඉදිරිපත්වීම පමණක් වන අතර ඒ අනුව ඉදිරියේදී මීට අදාළ විවාද පැවැත්වීමත් සියලු දෙනාගේ සහභාගීවය මත සම්මත කිරීම හෝ නොවීම සිදුවීමටත් අවස්ථාව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad