තනතුරුවලින් අස්වූ ශ්‍රී ලනිප 15 දෙනාට පක්ෂයත් අහිමිවන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 3, 2018

තනතුරුවලින් අස්වූ ශ්‍රී ලනිප 15 දෙනාට පක්ෂයත් අහිමිවන ලකුණු


එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින හා ක්‍රියා කරන පිරිසක් ආණ්ඩුවේ ඇමැති තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලනිපයේ 15 දෙනා ශ්‍රී ලනිපයෙන් ඉවත් කිරීමට සූදානමක් පවතින බව එක්සත්
ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවැසීය.

මෙහි එක් පියවරක් වශයෙන් මේ මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලනිප සංවත්සරයට එම මන්ත්‍රිවරුන් 15 දෙනාට ආරාධනා නොකරන්නට සූදානමක් ඇති බවද ප්‍රේමජයන්ත මහතා කීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පාක්ෂිකයන් දැඩි ලෙස ප්‍රකාශ කළද එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධතා පවත්වනු ලබන කිහිපදෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉඩ ලබානොදෙමින් එක්සත්ජාතික පක්ෂයේ වුවමනාව ඉටුකරමින් සිටින බවත් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් විනාශ වෙමින් අද වනවිට රටද විනාශ කරන තත්ත්වයකට පත්ව තිබෙන බවත් 15 දෙනාගේ කණ්ඩායම රට වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රට බේරාගැනීමට ක්‍රියා කරන බවත් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු රැස්වීමකට හිටපු මැති ඇමැතිවරුන් 15 දෙනාට මේ වනවිට ආරාධනා කර නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු


No comments:

Post a Comment

Post Bottom Ad