වැලිකඩ කාන්තා රැඳවියන් වහළෙ නැග විරෝධතාවයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 13, 2018

වැලිකඩ කාන්තා රැඳවියන් වහළෙ නැග විරෝධතාවයේ


අද (13) උදෑසන 8 පමණ සිට වැලිකඩ බන්ධනාගාරයේ වහලක් මත නැගී කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරතවන බව වාර්තාවේ.
කාන්තා රැදවියන් 10 දෙනෙකු මෙලෙස
බන්ධනාගාරයේ වහලය මත

නැගී විරෝධතාවයේ නිරතව සිටින අතර මෙයට බලපා ඇත්තේ  වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරි ධුරය භාරගත් නව අධිකාරිවරයා එම කාන්තා අංශය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගැනීම ඇතුළු එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන්ට විරෝධය දැක්වීමටය.
එම තත්වය මත  වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය භාර නිලධාරිනියන් පිරිසක් හා සිරකාරියන් පිරිසක් අතර පෙරේදා (11දා) පස්වරුවේද පැය දෙකකට අධික කාලයක් තිස්සේ ඇති වූ මත ගැටුම්කාරී තත්ත්වය වැලිකඩ
බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු උසස් නිලධාරීන් කීප දෙනකුගේ මැදිහත්වීම මත සමථයකට පත්කර තිබුණත් යළිත් අද එය මතුව තිබේ.
මෙම ගැටුම් තත්ත්වය ඇති වීම පිටුපස පසුගිය දිනක මෙම අංශයේ සිට ස්ථාන මාරු වී ගිය නිලධාරිනියක් සිටින බවද විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad