අල්ලස් දෙන්න ගිය චීනෙක් අඟුණුකොළපැලැස්සෙදි හසුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 6, 2018

අල්ලස් දෙන්න ගිය චීනෙක් අඟුණුකොළපැලැස්සෙදි හසුවෙයි


ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අඟුණුකොළපැලැස්ස කාර්යාලයේ කොට්ඨාස කළමනාකාරවරයාට අල්ලස් ලබාදීමට තැත්කළ චීන ජාතිකයකු පසුගිය 30දා අඟුණුකොළපැලැස්ස පොලීස් ස්ථානයේ නිලධාරින් විසින්
අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අඟුණුකොළපැලැස්ස ජදුර ප්‍රදේශයේ ගල් වැඩපලක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

මෙම පුද්ගලයා ලියුම් කවරයක දැමූ රුපියල් විසිදහසක මුදලක් මහවැලි අධිකාරියේ අඟුණුකොළපැලැස්ස කාර්යාලයේ කොට්ඨාස කළමනාකරු ලෙස සේවය කරන කේ.පී.යු.සී. කුමාර මහතාට ලබාදීමට උත්සාහ කළද ඔහු එය භාර නොගෙන අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයට භාරදී තිබේ. අඟුණුකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයේ ගල් වැඩපළක් සඳහා මහවැලි අධිකාරීයේ අනුමැතිය ලබා ගැනීමට මෙලෙස එම වැඩපළේ කළමනාකරු විසින් කොට්ඨාස කළමනාංකරුට අල්ලස් ලබාදීමට උත්සාහ කර ඇතැයි අඟුණුකොළපැලැස්ස පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-සහම්පති මානගේ-

No comments:

Post a Comment

Post Bottom Ad