දිනක් වයසැති දරුවාව රේසරයකින් කපා මරා දැමූ මව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 6, 2018

දිනක් වයසැති දරුවාව රේසරයකින් කපා මරා දැමූ මව


තමන් බිහි කළ දිනක් වයසැති දරුවාගේ ගෙල රේසරයකින් කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරැදිකරු වූ කාන්තාවකට කුරුණෑගල මහාධිකරණයේදී වසර දෙකක සිර දඬුවම් නියම විය. සිර දඬුවම වසර 10කට
අත්හිටුවූ මහාධිකරණ

විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විත්තිකාර කාන්තාවට රුපියල් දස දහසක දඩ මුදලක්ද නියම කළාය.
ඇයට දරුවා තවදුරටත් හදාවඩාගැනීමට හැකියාවක් නැතැයිද දරුවාගේ පියා සමග සම්බන්ධයක් පවත්වා යාමට නොහැකි නිසා අසරණවූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවද මව කියා තිබුණි.
දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරිය ඇයට එහිදී දන්වා සිටියාය. දඬුවම් නියම වුයේ කුරුණෑගල කැත්තපහුව ප්‍රදේශයේ කාන්තාවකටය. රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා පැමිණිල්ල මෙහෙය වීය.

-එම්.ජේ.මොහොමඩ්-

No comments:

Post a Comment

Post Bottom Ad