මහින්ද තවත් ශක්තිමත් වෙනවා කියා විපක්‍ෂ නායකකම ඒකාබද්දයට නොදෙන්නෙ ශ‍්‍රීලනිපය තීරණය කර කතානායකට දන්වති.. පාර්ලිමේන්තුව අද යුද පිටියක් වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

මහින්ද තවත් ශක්තිමත් වෙනවා කියා විපක්‍ෂ නායකකම ඒකාබද්දයට නොදෙන්නෙ ශ‍්‍රීලනිපය තීරණය කර කතානායකට දන්වති.. පාර්ලිමේන්තුව අද යුද පිටියක් වෙයි..

විපක්‍ෂ නායක ධුරය කිසිසේත්ම ඒකාබද්ද විපක්‍ෂයට ලබා නොදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අතර පැවති සාකච්චාවේදී තීරණය කර ඇත.

විපක්‍ෂ නායක ධුරය ඒකාබද්දයට ලබා දුනහොත් මහින්ද රාජපක්‍ෂ තව දුරටත් ශක්තිමත් වන බවද එනිසා විපක්‍ෂ නායක ධුරය කිසිසේත්ම ලබා නොදිය යුතු බවටත් එහිදී සාකච්චා කර තිබේ. ඒ අනුව එම තීරණය කතානායකවරයාට දන්වා යැවීමට සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මේ වන විටත් කටයුතු කර ඇත.

අමරවීර මහතා සදහන් කරන්නේ ශ‍්‍රීලනිපය ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස කටයුතු කරන බැවින් ඒකාබද්ධට විපක්ෂ නායක ධුරය දීමට අවශ්‍ය නොවන බවයි. එනිසා විපක්‍ෂ නායක ධුරයේ වෙනසක් සිදු නොවිය යුතු බව අමරවීර මහතා සන්ධානයේ මතය ලෙස කතානායකවරයාය දන්වා ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකාර පක්‍ෂයක් වන මහජන එක්සත් පෙරමුනේ නායක දිනේශ් ගුණවර්ධන මහතා සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් සාකච්චා කිරීමට සන්ධානයේ පක්‍ෂ නායකයන් කිසිවෙකු නොකැදවූ බවයි. ශ‍්‍රීලනිපය හැර සන්ධානයේ සෙසු සියළු පක්‍ෂ විඵක්‍ෂය නියෝජනය කරන බවද ඔහු සදහන් කලේය.

එසේම විපක්‍ෂ නායක ධුරය තීරණය කිරීම සන්ධාන මහ ලේකම්වරයාගේ කාර්යක් නොව පාර්ලිමේන්තු බහුතරය දෙස බලා කතානායකවරයා විසින් ගත යුතු තීරණයක් යයිද ඔහු අවධාරණය කලේය. මේ අතර වසර දෙක්ක සදහා අත්සන් තබන ලද ශ‍්‍රීලනිප-එජාප හවුල් ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී දැන් වසරකට ආසන්න කාලයක් ගතවන අතර ජාතික ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්දයෙන් ශ‍්‍රීලනිපයද මේ වන තෙක් තීන්දුවක් ගෙන නැත.

No comments:

Post a Comment

Post Bottom Ad