ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් සහ ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නියෝගය මත පොලිස් බුද්ධි අංශය යොදා තිබේ.
ඩිලන්ත මාලගමුව මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරවන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.
ඩිලන්ත මාලගමුව මහතාට තර්ජන එල්ල කර ඇති බවට සඳහන් කෙරෙන්නේ මාතර රන්බඩු කොල්ලයට අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාතාලයේ තාරක නැමැත්තා බවටත් එය බෙවන් පෙරේරා නමැති කැලණිය ප්‍රදේශයේ හිටපු දේශපාලනඥයකුගේ කොන්ත්‍රාත්තුවක් බවටත් හෙළිව තිබේ.

බෙවන් පෙරේරා !
2003 වසරේ දී ඩිලන්ත මාලගමුව මහතා අක්කර 900ක තේ ඉඩමක් බද්දට ගෙන තිබී ඇත. එම ඉඩම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් එකකි.
2016 වසරේ දී බෙවන් පෙරේරා නැමැති පුද්ගලයෙක් රාජ්‍ය බලය යොදා ගනිමින් එම ඉඩමේ බදු ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව මහතා මිට ඉහතදී පොලිසියට පැමිණිල්ලක් ද කර කර තිබේ.
ඩිලන්ත මාලගමුව මහතාට එල්ල වී ඇති තර්ජන සහ එම තර්ජන පිටුපස සිටින්නේ කවුද යන්න සම්බන්ධ සියලු තොරතුරු පොලිසිය ඉදිරියේ හෙළිදරව් කර තිබුණි.
පැය දෙකක පමණ කාලයක් ඩිලන්ත මාලගමුව මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.
මෙම ප්‍රකාශයෙන් හෙළි වු පුද්ගලයන් ගෙන් මේ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.
27,987 Viewers
No comments:
Post a Comment