සිසුවියක් අපයෝජනය කරන්න හැදුවැයි මොනරාගල තවත් පාසල් ගුරුවරයෙක් රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 6, 2018

සිසුවියක් අපයෝජනය කරන්න හැදුවැයි මොනරාගල තවත් පාසල් ගුරුවරයෙක් රිමාන්ඩ්

මොනරාගල - බිබිල ප්‍රදේශයේ බාලිකා පාසලක ඉගෙනුම ලබන 18 හැවිදි ශිෂ්‍යාවක් අපයෝජනය කිරීමේ සිද්ධියකට මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් පෙරේදා (04දා) අත්අඩංගුවට ගත් ගුරුවරයකු
ඊයේ (05දා) බිබිල වැඩබලන මහේස්ත්‍රාත් නන්දා

මුහන්දිරම් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අද (06)දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කොට තිබේ.

 බිබිල, පිටකුඹුර ප්‍රදේශයේ පාසලක තොරතුරු තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පාසල් ශිෂ්‍යාවියගේ නිරුවත් ඡායාරූප ඇයගේ අන්තර්ජාල පණිවුඩවලින් සොරකම් කළ සැකකරු ඇයව අපයෝජනය කිරීමට තැත් කර තිබේ.

වෙනත් පාසල් දෙකක සහ පිරිවෙනක ගුරුවරුන් තිදෙනකු හා ටෙලිනාට්‍ය නළුවකු ඇය සමග අන්තර් ජාලයෙන් පණිවුඩ හුවමාරු කරගෙන තිබෙන අතර, එහිදී ටෙලිනාට්‍ය නළුවා විසින් ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ගුරුවරුන් සමග හුවමාරු කරගෙන ඇතැයි මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.  සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොටිඨාස භාර පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක විල්ෆ්‍රඩ් සිල්වා මහතා ඇතුළු නිලධාහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

No comments:

Post a Comment

Post Bottom Ad