හෘද ස්පන්ධන වේගයේ ගැටළුවක් කියා ඥාණසාර හිමි රෝහලේ තබාගැනිම වැඩි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 13, 2018

හෘද ස්පන්ධන වේගයේ ගැටළුවක් කියා ඥාණසාර හිමි රෝහලේ තබාගැනිම වැඩි කරයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද (13) සිදු කිරීමට. නියමිතව තිබූ ශල්‍යකර්මය තවදුරටත් පමා කර හිමියන්ව දිගටම ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව
තබාගන්නට වෛද්‍යවරුන් තීරණය කර තිබේ.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රභාත් වේරවත්ත කියා සිටියේ උන්වහන්සේගේ හෘද ස්පන්ධන වේගයේ ගැටළුවක් පවතින බවත් මේ හේතුවෙන් ශල්‍යකර්මය සඳහා නිර්වින්ධනය කිරීමේදී ගැටළුවක් මතුවන  නිසා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැය 48ක් ඥාණසාර හිමියන්ගේ හෘද ස්පන්ධනය පරීක්ෂා කරනු ඇති බවයි . ඒ අනුව වකුගඩුවෙ සෙන්ටිමීටර 3 ක ගල ඉවත් කිරීමේ තවත් ප්‍රමාද කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6ක සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයට හෝ එම රෝහලට ඇතුළත් කළ යුතු වුවද බන්ධනාගාර ගතවන්නට දින දෙකහමාරක් තිබියදී හදිසියේ රෝහල්ගතවීම නිසා  එම සිරගතවීම හෝ බන්ධනාගාර රෝහල්ගතවීම වෙනුවට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබාගනීමේ අවස්ථාව උදාකරගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad