තමිල්නාඩුවේ හිටපු මහ ඇමති කරුණානිධි වයස 94 දී මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

තමිල්නාඩුවේ හිටපු මහ ඇමති කරුණානිධි වයස 94 දී මියයයි

පස්වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය හෙබවූ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායක එම්. කරුණානිධි  අද (07) පස්වරුවේ 6.45ට පමණ අභාවප්‍රාප්ත වූයේය.
1924  උපන් ඔහු මිය යනවිට 94වන වියේ පසුවූයේය. වයෝවෘද්ධභාවය සමග මතුවූ අසනීප තත්ත්ව මත
ඉකුත් ජූලි මස 28 වන දින රෝහල් ගත කර පසුගිය දින කිහිපයේම කාවේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මියගිය කරුණානාධි ප්‍රබන්ධ කතා රචනයෙහි නිපුණයෙකු වූ අතර ඔහු දේශපාලනයට එන්නට පෙර ඉන්දීය සිනමා පට රාශියක තිරපිටපත් රචකයා ලෙස ප්‍රකට නමක් දිනා සිටියේය.

එම ප්‍රසිද්ධිය ඔහු දේශපාලනයට එන්නට උදව් කරගත්තේය.
1969 සිට 2011 දක්වා පස් වරක් තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ ඔහු ඩීඑම්කේ පක්ෂය නියෝජනය කළ අතර එයට විරුද්ධ පක්ෂය ලෙස සිටි කලක් එම්ජීආර් හා පසුව ජයලලිතා නියෝජනය කළ ඒඅයිඒඩීඑම්කේ මාරුවෙන් මාරුවට තමිල්නාඩුව පාලනය කිරීම කැපී පෙනිණි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක එල්ටීටීඊ ත්‍රස්තක්‍රියා සඳහා ආධාර අනුබල ලබාදීම නිසා ලංකාවට කිට්ටුම ඉන්දීය ප්‍රාන්තය ලෙස තමිල්නාඩුව පාලනය කළ මේ අය ගැන යුද සමයේ විශාල දේශපාලන කතාබහක් ඇති විය.
මෙම මරණයත් සමග මෙකී ප්‍රබල චරිත සියල්ල සමුගෙන ගොස් තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad