වසර 30 කට විදුලිය දිය හැකි ගෑස් නිධි මන්නාරම් ද්‍රෝණියෙන් හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 3, 2018

වසර 30 කට විදුලිය දිය හැකි ගෑස් නිධි මන්නාරම් ද්‍රෝණියෙන් හමුවේ


මන්නාරම දෝණියේ ගවේශන කර ඇති තරමක විශාල බැර කුඩා නිධියෙහි මෙගාවොට් 2000ක විදුලි බලාගාරයක් අවුරුදු 30ක කාලයක් ක්‍රියාත්මක කළ හැකි ස්වභාවික වායු සණ අඩි කෝටි ලක්ෂය ඉක්මවන
ප්‍රමාණයක් පවතින බව අලුත්ම

ගවේශනයකදී තොරතුරු අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙයට අමතරව මන්නාරම් දෝණියේ තරමක කුඩා ප්‍රමාණයෙන් යුතු ඩෝරාඩෝ නිධියෙහි මෙගාවොට් 630ක ධාරිතාවයන් යුතු විදුලි බලාගාරයක් අවුරුදු දහයක පමණ කාලයක් ක්‍රියාත්මක කළ හැකි ස්වාභාවික වායු ඝණ අඩි කෝටි 30,000ක් පමණ පවතින බවට ද තොරතුරු හෙළිවී තිබෙන බව අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසිය.

ගවේශනය කර ඇති මෙම තෙල් හා ගෑස් නිධි ඡාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීම් ක්‍රමවේදය හරහා වානිඡකරණයට කටයුතු කරගෙන යන බව ද එම නිලධාරියා කීලය. මේ අතර අනෙකුත් ප්‍රදේශවල තෙල් හා ගවේශන කටයුතු බහු පදනම මත විදේශ ආයෝජකයන් සමග සම්බන්ධ වී කරගෙන යන බව අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad