නවසීලන්තයේ අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පසුගිය ජුනි 21 වනදා බිළිඳියක බිහිකිරීම ලෝකය පුරා අවධානයට ලක්වූ පුවතකි. සිය ධූර කාලය තුළදී දරුවෙකු බිහි කළ දෙවන අගමැතිනිය ලෙස ඇය ඉතිහාසයටද එක්ව සිටියාය (පළමුවැන්නිය බෙනාසීර් බූතෝය)
මේ දරු උපත නිසා
සිය නිවාඩුව අවසන් කර ඊයේ 2 නවසිලන්ත අගමැතිනිය සිය රාජකාරියට නැවත වාර්තා කළේ බිළිඳියද සමගිනි.
ඇගේ සංසිද්ධිය පාදක කොටගෙන ලෝකය පුරා අලුත් කතාබහක් ඇතිව තිබෙන්නේ කාන්තාවන් කුමන තනතුරක සේවය කළත් ඇගේ පුද්ගලික ජීවිතය වෙනුවෙන් දැක්විය යුතු සැලකිල්ල සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් ජසින්ඩා විවේක ගැන්වූ කාලය තුළ නවසීලන්තය යම් යම් ජාත්‍යන්තර ආර්ථික ගැටලු කිහිපයකට මැදිවූ අතර ඇය නියෝජනය කරන කම්කරු පක්ෂය ඒ වෙනුවෙන් වගකිව යුතු බවට හඩක්ද නැගිණි.
ඊයේ සේවයට වාර්තා කරන්නට සතියකට පෙර ෆේස් බුක් ලයිව් පෙනී සිටීමක් සිදු කළ අගමැතිවරිය ජනතාවට දන්වා සිටියේ තමා ඉක්මණින් වැඩට එන බවත් සියලු දේවල් නිරාකරණය කරන බවත්ය.
No comments:
Post a Comment