ධීවරයින්ට සෝලාර් ෆ්‍රිජ් හයිකරපු ත්‍රීවීල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 22, 2018

ධීවරයින්ට සෝලාර් ෆ්‍රිජ් හයිකරපු ත්‍රීවීල්

සු අස්වනු හානිය අවම කරගැනීම සදහා විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද ශීතාගාර පහසුකම් වලින් සමන්විත පළමු ත්‍රිරෝද රථය ධිවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි වෙත පසුගියදා අමාත්‍යංශයේදී පිළිගන්වනු ලැබිය .

මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම  රථයේ ශීතාගාර සුර්ය බලයෙන් ක්‍රියාත්මක වේ . මේ නිසා විදුලිය වෙනුවෙන් වැයවන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි ය .
    

ඊට අමතරව මෙම රථයෙන් එකවර කිරි ලීටර් දහසක් [ 1000/- ] හෝ මස් , එළවළු , මාළු වැනි නිෂ්පාදන එකවර කිලෝ ග්‍රෑම් 300 රැගෙන යාමේ පහසුකම් වලින් සමන්විතය .
     අයහපත් කාලගුණය පවතින සුර්ය බලය නිසි ලෙස නොලැබෙන දින වලට ශීතාගාර පහසුකම් ලබාගැනීම සදහා අඛණ්ඩ බල ශක්තිය  ලබාගැනීමේ පහසුකම් වලින් මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී විදුලි බලයෙන් බැටරිය ආරෝපණය [ චාර්ජින් ] කරගැනීමේ පහසුකම් වලින්ද සමන්විතය .පරිසර හිතකාමී මෙම  රථය උපරිම ධාරිතාවක් සහිතව පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ධාවනය කල හැකිය .




No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *