තමන්ට එරෙහි විවාදය මග හරිමින් මහින්ද රට ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 19, 2018

තමන්ට එරෙහි විවාදය මග හරිමින් මහින්ද රට ගිහින්

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අනාවරණය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී ඇතත් එම අවස්ථාවට සහභාගී වීමට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට සහභාගී නොවී විදේශගතවී ඇති බව වාර්තාවේ.

පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්ටැන්ඩඩ් චාර්ටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුමකින් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය

කරන ලදී.

එම අනාවරණය මගින්, තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා චීනයෙන් මුදල් ලබා ගත්බවට මහින්ද රාජපක්ෂ මහතාට දැඩිව චෝදනා එල්වී තිබිණි.

 එම කරුණු ගැන මහින්ද සෘජුව අදහස් පළ කිරීමක් ඉන්පසු සිදුනොවූ අතර මින් ඉහත රැස්වීමකදී ලංකාවේ මාධ්‍ය එවැනි පුවත් පළකිරීම ගැන එන්තරවාසි යවන බවට ප්‍රකාශයක් කර තිබුණි.
පසුව නිවියෝර්ක් ටයිම්ස් පුවත්පත කියා සිටියේ ගැටලුවක් ඇත්නම් තම පුවත්පතට දන්වන ලෙසිනි.
නමුත් මහින්ද ඊට ප්‍රතිචාර දැක්වූයේ නැති අතර අද පාර්ලිමේන්තුවේදී තමන් වරදකරු කරමින් කෙරෙන කථා මගහරිමින් මහින්ද විදේශගතවී සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *