ෆ්ලෑෂ්බැක් සංගීත ප්‍රසංගයේ වේදිකාව කඩා වැටෙයි – (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 19, 2018

ෆ්ලෑෂ්බැක් සංගීත ප්‍රසංගයේ වේදිකාව කඩා වැටෙයි – (VIDEO)

වේයන්ගොඩ ප්‍රදේශයේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහභාගීවීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට පෙර වේදිකාවක් කඩා වැටී තිබෙන බව වාර්තා වනවා.  එම අනතුරින් කිසිවෙකුට හෝ සංගීත භාණ්ඩවලට හානියක් සිදුවී නොමැති අතර විදුලි බල්බ වලට සුලු සුලු හානි සිදුව ඇත.

ප්‍රසංග වේදිකාවේ වහලයේ ආලෝක පද්ධතිය සවිකිරීමෙන් අනතුරුව හවස 6.30ට පමණ නව තාක්ෂනය අනුව වහලය ඉහලට එසවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර ඒ හේතුවෙන්  වේයන්ගොඩ නාරන්වත්ත ප්‍රදේශයේ සියනෑ ක්‍රීඩා පිටියේ පැවති අවුරුදු උළෙලකින් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගය කල්දැමීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad