මැද කොළඹ ප්‍රේමදාස සහ තිස්සමහාරාමේ ප්‍රේමදාස සමගින් නායකත්වයේ කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 23, 2018

මැද කොළඹ ප්‍රේමදාස සහ තිස්සමහාරාමේ ප්‍රේමදාස සමගින් නායකත්වයේ කතාව


මැද කොළඹ සුවිසල් ජයග්‍රහනයේ පාදම රණසිංහ ප්‍රේමදාසයන් බවත් තිස්සමහාරාම ඔය මට්ටමෙන් හෝ අල්ලාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස නිසාත් බව සමාජ මාධ්‍ය තුල සජිත් පාර්ශවය මන්ත්‍රයක් මෙන් මතුරණ කාරණාවක්. උතුරු කොළඹ ආසන සංවිධායකවරයා වන රවිටත්  චෝදනා එල්ලකරමින්, රවී සතුව ඇත්තේ ප්‍රේමදාස මහතා වෙනුවෙන් ගොඩනැගුනු ජනතා මනාප බවත් පාක්ෂික සිත්වල මුල් බැස ගැන්වීමට සජිත්ගේ බංකොලොත් මාධ්‍ය උත්සහයක් දරයි. අපගේ මේ සන්සන්දනාත්මක ව්‍යායාමය එහි ඇත්ත නැත්ත සබුද්ධික ජනයාට අවබෝධ කරවීමටයි. රණසිංහ ප්‍රේමදාස මැදකොළඹ ආසන සංවිධායකවරයා වීමටත් එතුමන්ගේ පුත්‍ර රත්නය තිස්සමහාරාම ආසන සංවිධායකවරයා වීම පක්ෂයේ බලපෑමක් තිබුණි යැයි චෝදනාව එල්ල වන්නේ වත්මන් පක්ෂ නායකත්වයටය. එවකට ලාබාල තරුණයෙක් වූ වැඩි දේශපාලන අවබෝධයකින් තොර සජිත් ප්‍රේමදාස ස්ව කැමැත්තෙන්ම යාල අභයභූමිය පිහිටා ඇති තිස්සමහාරාම ආසනය ඉල්ලූ බවත් ඒ හේතුව නිසාම පක්ෂයට වටින දේශපාලන නායකයෙක් අහිමිකිරීමේ වරදට පමණක් රනිල් වික්‍රමසිංහයන් වැරදිකරු බව මේ ලිපිය අවසන ඔබට වැටහේවි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් පළමුවරට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ 1960 මාර්තු පැවති මැතිවරණයටයි   

එවකටත් මැදකොළඹ ආසනය ප්‍රභල එජාප බලකොටුවක්ය. ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ පටන්ම එජාප බලය තහවුරු කර ගන්නා මැද කොළඹ ආසනය 1950 සිට පාර්ලිමේන්තු නියෝජනය කරන M.C.M. කලීල් විසින් එම මැතිවරණයේත් මැදකොළඹ ආසනයේ වැඩිම මනාප ලාභියා වනවා.  ඒ මනාප 33121 (19.02%) ක් හිමිකරගනිමින්. එම මැතිවරණයෙන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ට හිමිවන්නේ මනාප 29828 (17.13%) ක් පමණයි. එවකට තිස්සමහාරාම ආසනය වාමාංශික බලකොටුවක්. මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා මනාප 10665 (44.83%) ක් ලබාගනිමින් තිස්සමහාරාම ආසනයෙන් පාර්ලිමේන්තු පැමිණෙන විට එම ආසනයේම එජාප අපේක්ෂකයා වන චාර්ලිස් එදිරිසූරියට ලබා ගැනීමට හැකි වන්නේ මනාප 7253 (30.23%) ක් පමණයි. 1960 මාර්තු මහ මැතිවරණයෙන් බිහිවන්නේ ස්ථාවර රජයක් නොවෙයි ඒ හේතුවෙන් 1960 ජුනි මසදී නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනවා. එම මැතිවරණයෙන් නිදහස් පක්ෂ අපේක්ෂකයා වන රශීක් මනාප 45342 (25.75%) ක් ලබා ජයග්‍රහණය කරනු ලබන අතර මැද කොළඹ ආසනය එජාපය පැරදුනු එකම අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක් වනවා. මැද කොළඹ පැරදුන අවස්ථාවේදී එජාප අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වූ  රණසිංහ ප්‍රේමදාසයන්ට ලබා ගැනීමට හැකිවන්නේ මනාප 35035 (19.90%) ක් පමණයි. එම මැතිවරණයෙන්ද තිස්සමහාරාම ආසනයේ මහජන එක්සත් පෙරමුණු අපේක්ෂකයා මනාප 12551 (54.35%) ක් ලබාගනිමින් පාර්ලිමේන්තු වරම් හිමිකර ගනු ලබනවා.  

ඉන් අනතුරුව නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 1965 වසරේදීයි. මැදකොළඹ ආසනයට ඉදිරිපත්වන ෆලීල් කෆූර් මනාප 68372 (31.54%) ක් ලබා ජයග්‍රහණය වාර්ථාකරන අතර එවරද රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් ලබා ගන්නේ මනාප 64438 (29.72%) ක් පමණයි. එතෙක් කල් තිස්සමහාරාම එජාප ආසන සංවිධායකවරයා වන චාර්ලිස් එදිරිසූරිය ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව මනාප 14295 (45.60%) ක් ලබා ගනිමින් තිස්සමහාරාම ආසනය ජයග්‍රහණය කරන අතර ඉන් පසුව පැවැත්වෙන 1970 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නැවතත් චාර්ලස් එදිරිසූරිය මහතා එජාපයෙන් ඉදිරිපත්වුවද ඔහුට ලබාගත හැකි වන්නේ මනාප 5919 (13.78%) ක් පමණයි. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ ටෙනිසන් එදිරිසූරිය මනාප 18576 (43.25%) ක් ලබා ගනිමින් තිස්සමහාරාම ආසනය කෙතරම් ප්‍රභලව වමට බර ආසනයක් දැයි නිහඩ සාක්ෂි සපයනවා. 1970 මැදකොළඹ ආසනය ප්‍රථම වරට ජයග්‍රහණය කරනු ලබන රණසිංහ ප්‍රේමදාසයන් මනාප 69310 (29.48%) ක් ලබාගනු ලබන්නේ එජාපය සෝදාපාලුවට ලක්වූ එම මැතිවරණයේ එජාප බලකොටුවේ ගෞරවය යම්තාක් දුරකට රැකගනිමින්ය. 1977 වර්ෂය එජාපයට ස්වර්ණමය යුගය බිහිවන්නේ ඉබේ හෝ ඕපපාතිකව නොවෙයි.  ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සෑම ආසනයක් කෙරෙහිම පාහේ දක්ෂයින් යොමුකිරීමේ ප්‍රථිපලයක් ලෙසයි. ඒ අනුව එවකට තිස්සමහාරාම ආසනයට ජේ ආර් ජයවරධනයන්ගේ තේරීම වුනේ වෛද්‍යවරයෙක් වන P.M.B. සිරිල්ය. එජාප නායකයාගේ එම තීරණය නිවැරදි බව සනාත කරමින් වාමාංශික බලකොටුවක් බිඳදමමින් තිස්සමහාරාම ආසනය මනාප 20879 (53.00%) ක් ලබා ජයග්‍රහණය කිරීමට P.M.B. සිරිල් මන්ත්‍රීවරයා සමත් වනවා. මැදකොළඹ ආසනය 94128 (36.32%) ලෙසින් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයකට අවසන් වරට ඉදිරිපත්වූ රණසිංහ ප්‍රේමදාසයන්ට කුමක් හෝ හේතුවක් මත 1977 දි අග්‍රාමාත්‍යධුරය පිරිනැමෙනවා. ඒ අතරතුර සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාද වන P.M.B. සිරිල් මහතා තිස්සමහාරාම ආසනය වාමාංශිකත්වයේ බලකොටු සුන් කර දමමින් එය දක්ෂිනාශික බලකොටුවක් බවට හරවමින් දක්ෂ දේශපාලකයෙක්ගේ දක්ෂතා විද්‍යාමාන කරනු ලබනවා. ඒ ගමනෙහි ප්‍රථිපල දක්වමින් 1989 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තිස්සමහාරාම ආසනය එජාපය මනාප චන්ද 13406 (54.72%) ක එදා මෙදාතුර තිස්සමහාරාම ආසනයේ ඉහලම ප්‍රතිශතය ලබා ගනිමින් තිස්සමහාරාමය තවදුරටත් වාමාංශික බලකොටුවක් නොවන බව සනාත කරනවා. 1989 වසර වනවිට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විධායක ජනාධිපතිධුරයට පත්ව ඇති මොහොතක එතුමන් ආසන සංවිධායකවරයා ලෙස ක්‍රියාකල මැද කොළඹ ආසනයෙන් එජාපයට හිමිවන මනාප ප්‍රමාණය 49733 (56.9%) ක්ය. 1994 වර්ෂය තිස්සමහාරාමටත් මැදකොළඹටත් එක සේම වැදගත්ය.

ඒ අතරතුර රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඝාතනය වීමෙන් පසුව මැදකොළඹ ආසන සංවිධායක ධුරය හිස්වන අතර එතුමන්ගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතා තම අලි බැලීමේ ආසාව සන්තර්පනය කරගැනීම උදෙසා තිස්සමහාරාම ආසනය තමන්ට අවශ්‍ය බව පක්ෂ නායකත්වයෙන් ඉල්ලා යම් ගැටලුකාරී තත්වයක් වෙත පක්ෂය තල්ලු කර දමන්නේ එජාප පතාක යෝධයින් රැසක්ම තොටලඟදී බෝම්බයට 1994 දී බිලිවීමෙන්ය. 1994 මහමැතිවරණයේදී මැදකොළඹ ආසනය එජාපය චන්ද 50136 (52.38%) ක් ලබාගත් නමුත් තමන් විසින් දුක් මහන්සියෙන් ගොඩනැගූ එජාප බලකොටුව සජිත් ප්‍රේමදාස මහතාට බාර දීමෙන් සිදුවූ සිත්තැවුල මත P.M.B. සිරිල් මහතා දේශපාලනිකව විශ්‍රාමයෑමත් සමග 1994 මහමැතිවරණයෙන් තිස්සමහාරාම ආසනය එජාපය චන්ද 30056 (38.46%) ක් දක්වා පහත වැටෙනවා. ඉන් අනතුරුව දේශපාලනයෙන් එක තඹ දොයිතුවක් හරි හම්බ කර නොගත් සිරිල් මහතා තමන් වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වීම හේතුවෙන් ඩිස්පෙන්සරියක් පවත්වාගනිමින් සමස්ථ දේශපාලනයෙන් සමුගෙන යනවා. 1994 සිට සජිත් ප්‍රේමදාසයන් ආසන සංවිධායකවරයා ලෙස ඉන් අනතුරුව පැවති 2000 , 2001 , 2004 , 2010 , 2015 මහමැතිවරණ වලදී පිලිවෙලින් චන්ද 41169 (45.93%) , 37939 (41.50%) , 33449 (36.44%) , 33172 (36.22%) , 48184 (38.66%) ක් ලෙසින් චන්ද ප්‍රමාණයන් ප්‍රතිශතාත්මකව අඩුවනු නිරීක්ෂනය කල හැකියි. කෙසේ නමුත් එම මැතිවරණ වලදීම පිලිවෙලින් 57578 (55.41%) , 80318 (75.08%) , 71599 (71.49%) , 51421 (63.72%) , 79968 (84.64%) චන්ද ලබාගෙන ප්‍රතිශතාත්මකව ඉතාම ඉහලට ගෙන යමින් මැදකොළඹ ආසනය තුල එජාප බලකොටුව කිසිදා නොබිදෙන ලෙස ශක්තිමත් කිරීමට රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගෙන් පසුව පැමිණි ආසන සංවිධායකවරුන් සමත් වී ඇත. මැද කොළඹ එජාපය පැරදුනු එකම අවස්ථාවේ එජාප අපේක්ෂකයා ලෙසින් සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආසනය ලෙස මැද කොළඹ හැදින්වීම මැදකොළඹ ආසනයටත් එජාපයටත් එතුමන්ටත් කරන අපහාසයක් බව පිටත සිට නිරීක්ෂණය කරන අපගේ නම් අදහසය. එමෙන්ම P.M.B. සිරිල් මහතා විසින් වාමාංශික බලකොටු සුනු විසුනු කරමින් ලබාගත් 54.72% ක ප්‍රතිශතය ආසන්නයට හෝ ඒමට නොහැකිව සිටින ප්‍රේමදාස මහතාගේ පුත්‍ර රත්නය වන සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වයටත් සුදුසුයි කීමම එජපායට කරන දරුණු  කඩා වැටිමක පෙරමං සලකුණුය.. ඒ අතරතුර සජිත් ප්‍රේමදාස මහතා විසින් නිතරම පවසන කාරණය වනුයේ වලවු කාරයින්ට පමණක් එජාප නායකත්වයේ දොරටු විවෘත්තද දුප්පත් පොඩි තැනින් ආ මිනිසුන්ට ඒ අවස්ථාව අහිමියිද යන්නයි. රණසිංහ ප්‍රේමදාස කෙසෙල්වත්තේ ලැවරිය විකුණපු කතාව සත්‍යක්ය. නමුත් සජිත් ප්‍රේමදාස දුප්පතෙක්ගේ පුතෙක්ද ? නෑ, ඔහු හිටපු විධායක ජනපතිවරයෙක්ගේ පුතෙක්. ඊළඟ එජාප නායකත්වය හිමිවිය යුත්තේ පොඩි තැනකින් ආ මිනිසෙකුට බැවු සජිත් ඇමතිතුමාගේ මතය නම් ඔහුටද ඒ අවස්ථාව අහිමිව යන බව යම් වටහාගැනීමේ ශක්තියක් ඇති මිනිසෙකු ලවා ඔහුට තේරුම් කරවීම අගනේය. දුප්පතුන්ගේ දාඩිය සුවඳ හඳුනනවායැයි කියමින් පොඩි මිනිසකු අතින් ඇල්ලූවිට, පිරිසිදු කාරකයක් යොදාගෙන අත් පිරිසිදු කරගන්නා , කිසිදු තැනකින් කෑමක් බීමක් නොගන්නා තරමට උද්දච්ච මානසිකත්වයකින් යුත් පුද්ගලයෙක්ට වඩා නම් පොඩි මිනිසා සමගින් සැබැවින්ම සිටිනා රවී කරුණායක පවා පක්ෂ නායකත්වයට බෙහෙවින් සුදුසුය.

පක්ෂ ප්‍රථිසංවිධානය යටතේ එජාප නියෝජ්‍ය නායකත්ව තනතුරු දෙකක් ඇති කරමින් අවසන් මැතිවරණය දක්වා තම චන්ද පදනම රැකගත් අයෙකුට එක් නියෝජ්‍ය නායකකමක් දීමට වත්මන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විරුද්ධ වූයේ තමා වැනි අයෙක් සමග දක්ෂයෙක් කරට කර සටනකට පැමිණියහොත් තම පරාජය නියත බැවු දන්නා නිසාම විය යුතුය. 

දේශපාලනය යනු ගේම් එකකි. බලය ලබා ගැනීමට ඇති තරඟයකි. 1994 වනවිට , සජිත් හම්බන්තොටට එනවිට සාමාන්‍ය මන්ත්‍රීවරෙයෙක් වූ මහින්ද රාජපක්ෂ රටේ විධායක ජනාධිපතිවරයා වන්නේ ඔහුගේ ප්‍රධාන ප්‍රථිවාදියා වූ සජිත්ගේ දුර්වල දේශපාලන ක්‍රියාකාරීත්වය නිසාම බැවු අවබෝධ කර ගැන්මට රොකට් සයන්ස් අවශ්‍ය නැත. තමන් පදිංචි නිවසත් පිහිටි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ජනතා විමුක්ති පෙරමුණට හිමිවනු බලා සිටීම හැර අන් දෙයක් කිරීමට නොහැකිව සිටි පුද්ගලයෙක්ට එජාප නායකත්වය කෙසේ වෙතත් එජාප නියෝජ්‍ය නායකත්වයත්ය බෙහෙවින් බර වැඩි බව එජාපයේ බහුතරයකගේ  හැඟීමය. සජිත් ප්‍රේමදාස වැනි දුර්වලයෙක් තිස්සමහාරාම ආසනයට යොමුකර අත උඩ ජයග්‍රහණයන් හිමිකරගත් ආසනයක් එජාපයට අහිමිකිරීම සම්බන්ධව වත්මන් එජාප නායකත්වයත් තිස්සමහාරාම ආසනයේ ජනතාවගෙන් සහ සමස්ථ එජාපයෙන් සමාව ගත යුතුයි.

- විශේෂ පණිවිඩකරුවෙකුගේ සටහනකි -

27,976 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad