රත්නපුරේ පවිත‍්‍රා ලේලිය කැපේ.. ඒකාබද්ධ නායකත්වය ජෝන් මාමාට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 23, 2018

රත්නපුරේ පවිත‍්‍රා ලේලිය කැපේ.. ඒකාබද්ධ නායකත්වය ජෝන් මාමාට..?


ඒකාබද්ධ විපක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායකත්වය හිටපු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාට ලබා දීමට සූදානමක් ඇති බව ඒකාබද්ධයේ අභ්‍යන්තර  වාර්තා පලවෙයි.

රත්නපුර මහ නරග සභාවට නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී මූලික එකගතා කඩ කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මියට එල්ල වී ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇතැයි සදහන්ය.

දිස්ත‍්‍රික්කයේ තවත් පළාත් පාලන ආයතන කිහිපයකම මේ ආකාරයේ කටයුතු සිදුව ඇති බව එම දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වන්නිආරච්චි මහත්මිය කැදවා දැඩි ලෙස අවවාද කර ඇති බවත් වාර්තා වෙයි.

18,730 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad