මන්දපෝෂණ පුවත අසත්‍යයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 23, 2018

මන්දපෝෂණ පුවත අසත්‍යයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්


ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව මාධ්‍ය මගින් පළ වූ වාර්තා පදනම් විරහිත බව වාර්තා වෙයි. ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව මාධ්‍ය මගින් පළ වූ වාර්තා පදනම් විරහිත බව වාර්තා වෙයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වන අතර එහිදී අවධාරණය කර ඇත්තේ අදාළ පුවතට පදනම් කරගත් වාර්තාව නිකුත්කර ඇත්තේ මන්ද පෝෂණ තත්ත්වය විග්‍රහ කිරීමට නොවන බවත් එය ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ දර්ශක සැපයීමට බවය.
එසේම ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබෙන  2016 ජන විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ලංකාවේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 17%ක් දීර්ඝ කාලීන මන්දපෝෂණ තත්ත්වයක් වන මිටි බවින් ( වයසට ගැලපෙන උස) පෙලෙන බව අනාවරණය වී ඇති නමුත්  දකුණු ආසියානු කලාපයට අනුව බැලීමේදී මිටි බව අඩුම රට ලංකාව බවද එහි සඳහන්ව ඇත. ඊට නිදර්ශන සපයමින් නිවේදනයේ දැක්වෙන්නේ නේපාලයේ මිටි බව 36%ක් සහ ඉන්දියාවේ 38%ක් වන බවය.
තවද ලංකාවේ කෙටි කාළීන මන්දපෝෂණය නිසා ඇතිවන කෘෂබවින්  15%ක ප්‍රමාණයක් පෙලෙන නමුත් මැරස්මස් හෝ ක්වෝශීයොකෝර්වැනි උග්‍ර කෘෂ තත්ත්වයන් පසුගිය දශකයක පමණ කාලයක සිට ලංකාවෙන් වාර්තා නොවන බවද එහි සඳහන්ව ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

amanda
amanda1
27,224 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad