ඇමෙරිකාවේ නිවසක දරුවන් බලාගත් නැනී දරු දෙදෙනා මැරූ සිද්ධිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 20, 2018

ඇමෙරිකාවේ නිවසක දරුවන් බලාගත් නැනී දරු දෙදෙනා මැරූ සිද්ධිය

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් වාර්තා වූ කුඩා දරුවන් දෙදෙනා ඝාතනය සිදු කර ඇත්තේ ඔවුන් රැක බලා ගත් ආයම්මා විසින් බව අධිකරණය තීරණය කර තිබේ.

හය හැවිරිදි ලුසියා සහ දෙහැවිරිදි ලියෝ ගේ රුධිරයෙන් නැහැවුණ සිරුරු ඔවුන් ගේ මවට හමු වී ඇත්තේ නාන බේසමේ තිබියදීය.

ඇය නිවසට පැමිණෙන විට ඝාතක කාන්තාව ගෙල කපා ගෙන දිවි නසා ගැනීමට තැත් කර තිබුණි.
වරදකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්

පෙන්වාදුන් ඇයට එම නිවසේ පමණ ඉක්මවා වැඩ කිරීමට සිදු වීමෙන් මානසික ආතතියට ගොදුරු වී ඇති බවයි. දරුවන් දෙදෙනා මරා දමා තමන් ද දිවි නසා ගන්නා ලෙස යක්ෂයා අණ දුන් බව ඇය අධිකරණය හමුවේ පවසා තිබේ.

කෙසේ වුවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකීම ගැනීමට තරම් යහපත් මානසික තත්වයකින් පසු නොවූ තැනැත්තියක් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම් දෙඩි උත්සාහයක් ගෙන තිබුණි. එහෙත් ජුරිය තීන්දු කළේ 55 හැවිරිදි යොසෙලින් ඔර්ගෙටා ට උපරිම දඩුවම් ලබා දීමට තරම් සාක්ෂි ඇති බවයි.



No comments:

Post a Comment

Post Bottom Ad