පොල් වල්ලක් වැටී අවුරුදු 03 ක් වියැති සිඟිත්තා මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 24, 2018

පොල් වල්ලක් වැටී අවුරුදු 03 ක් වියැති සිඟිත්තා මියයයි


ඕපනායක, අකරැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් අසල පොල් ගසකින් පොල් වල්ලක් වැටීමෙන් අවුරුදු 3ක් පමණ වයසැති පිරිමි ළමයකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්වී ඇත. මෙම සිද්ධියේදී ඒ
අසල සිටි දරුවාගේ මිත්තණියද සුළු තුචාල ලබා තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ප්‍රේමසිරි කුමාර් විල්සන් නමැති දරුවෙකි. ඔහුගේ මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහලේදී පෙරේදා (22දා) පැවැති අතර එහිදී සාක්ෂි දුන් සෙල්ලයියා කාමාච්චි නමැති අය මෙසේ පැවසීය. "මියගොස් ඇත්තේ

මගේ දුවගේ දරුවායි. ඇය වත්තේ වැඩට යද්දී දරුවා අපේ නිවසේ නතර කර යනවා. මෙදින මමත් දරුවාත් කුස්සිය පැත්තෙන් මිදුලට යද්දී තද සුළඟක් ආවා. එවිටම වහලට පොල් වල්ලක් වැටිලා ගෙඩි ළමයෙක්ගෙ ඇඟටත් වැටුණ.

විසිවී ආ පොල් ගෙඩියක් වැදී මටත් තුචාල වුණා. එහෙත් දරුවා මම අසල්වැසි අයගේ උදවුවෙන් බළන්ගොඩ මූලික රෝහලට ගෙන ගියා." බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීනි පී. දයා මාතොට ආරච්චි මහත්මිය පශ්චාත් මරණ පරික්‍ෂණය පැවැත්වූ අතර මෙය පොල් ගෙඩියක් හිසට වැදීමෙන් මොළයට සිදුවූ හානි නිසා සිදුවූ හදිසි මරණයක් බව බළන්ගොඩ නාගරික හදිසි මරණ පරීක්‍ෂක ඒ.පී. විමලදාස මහතා තීරණය කළේය. ඕපනායක පොලිසියේ පො.කො. සුගත් සිසිර කුමාර (51400) සාක්කි මෙහෙයවීය.

No comments:

Post a Comment

Post Bottom Ad