අගමැතිවරයාට එරෙහි ගෙන ඒමට සුදානම් වන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට ඒකාබද්ධ විපක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 04 දී අද (20) රැස් වී ඇති අතර එහිදී දෙපැත්තකට බේදීමක් සිදුවී තිබේ.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ද අත්සන් තැබිය යුතු බව එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පවසා ඇත.
මෙම මන්ත්‍රීවරුන් පිරිස ඒකාබද්ධයේ පක්ෂ නායකයන් වෙත පෙන්වා දී ඇත්තේ එසේ නොවුවහොත් විශ්වාසභංග යෝජනාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යනු ඇති බවය.
ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, රමේෂ් පතිරණ, නිමල් ලන්සා යන මන්ත්‍රිවරුන් මෙම අදහසට පක්ෂව අදහස් දක්වා ඇත.
නමුත් ඩලස්අලහප්පෙරුම, මහින්දානන්ද, උදය ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ එම පක්ෂ දෙකෙහි මැති ඇමැතිවරුන්ගේ අත්සන් විශ්වාසභංය ඉදිරිපත් කිරීමේ දී අවශ්‍ය නොවන බවය.
පක්ෂ දෙකෙහි මැති ඇමැතිවරුන්ට විශ්වාසභංගය යෝජනාවට අත්සන් තැබීමේ දී ගැටලු මතුවිය හැකි බැවින් එසේ අත්සන් තැබිම අනිවාර්ය නොවන බවත් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකට ලක්කිරීමේ දී ඔවුන්ගේ සහාය ලබා ගැනීම ප්‍රමාණවත් බවත් එම මන්ත්‍රි පිරිස පෙන්වා දී ඇත.
No comments:
Post a Comment