බෞද්ධයන්ට ඉමහත් ශාසනික වැදගත්කමක් යුත් වෙසක් පොහොය දින හා පොසොන් පොහොය දිනවලදී තොරණ ප්‍රදර්ශනය මුළුමනින්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කරන්නේ මෙම තීරණය ගනු ලැබුවේ වෙසක් පොසොන් පොහෝ දිනවලදී ජනතාව පන්සලේ රැඳී නොසිටින නිසා බවත් සවසට ආගමික කටයුතු සදහා වැඩිහිටි කිහිපදෙනකු මිස අන් කිසිවෙකු පන්සලේ නොරැදෙන බවත්ය.
එනිසා සියලු තොරණ ප්‍රදර්ශනය කිරීඹ පෝයට පසු දා සිට කරන ලෙස දන්වන බවද ඔහු කියා සිටී.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බළපිටිය කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයක් අමතමිනි.
6,998 Viewers
No comments:
Post a Comment