ඊයේ (29) රාත්‍රී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිවසේ පැවති විශේෂ භෝජන සංග්‍රහයකදී ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සුහද හමුවක් පවත්වා ඇත.
මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි ජනපතිවරයා සහ අගමැතිවරයා පැය 4කට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පූර්ණ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ' අප වෙත වාර්තා වේ.
භෝජන සංග්‍රහය අවසානයේ ඇමති බිරිඳ වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය විසින් අගමැතිවරයාගේ ප්‍රියතම පානයක් වන කළු කෝපි ද පිළිගන්වා ඇති බවත්, ජනපති අගමැති දෙදෙනාම සියලුම එදිරිවාදිරිකම් අවසන් කර සිනාමුසු මුහුණින් යුතුව අමාත්‍යවරයාගේ නිවසින් නික්ම ගොස් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ජනවාරි 08 බලවේගයේ ජයග්‍රහණයක් !
ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඊයේ පස්වරුවේ 'අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග විශ්වාසභංගය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පැවැත්වූ අතර එහිදී ඒකාබද්ධයේ විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු පක්ෂ නායකයින් එකඟත්වය පළකර තිබිණ.
එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක්කර ජයග්‍රාහී මාවතකට යොමු කළ යුතු බව මෙහිදි එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින් පවසා ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඊට පුර්ණ එකඟතාවය පළ කර තිබේ.
එය එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනවාරි 08 යහපාලනය බලයට ගෙන ඒමට මුල් වී ක්‍රියා කළ සියලුම දෙනාගේ ජයග්‍රහණයක් බව එම හමුව සංවිධානය කර තිබු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
27,113 Viewers
No comments:
Post a Comment