අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන දෙදෙනා හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු සියලු වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් විස්‌තර අධිකරණයට ලබාදෙන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ නඩුව ඊයේ (30) කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළ අතර සැකකරුවන් දෙදෙනාට එම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසටද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන්නටද අධිකරණය කටයුතු කර තිබේ.
සමාගම් ලේකම්වරියටත් නියෝගයක් !
එසේම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වාර්ෂික මහා සභා රැස්‌වීම්වලදී ඉදිරිපත් වූ වාර්තා හා ප්‍රකාශවල පිටපත් එම සමාගමේ අධ්‍යක්‍ෂවරුන්ගේ තොරතුරු සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම සමාගම සම්බන්ධයෙන් සිදු කළ විගණන වාර්තා, විගණන විමසුම් ඇතුළු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය එම සමාගමේ ලේකම්වරියට නියෝග කර ඇත.
තවද නඩුවේ දෙවන හා සිව්වන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන දෙදෙනා එළඹෙන 16 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අධිකරණය ලබන 26 දා වන විට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබූ බවද වාර්තා වෙයි.
තවද නඩුවේ දෙවන හා සිව්වන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන දෙදෙනා එළඹෙන 16 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අධිකරණය ලබන 26 දා වන විට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබූ බවද වාර්තා වෙයි.
පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර නවත්තලා : සේවකයන් ගෙදර ගිහින්
මෙහිදී පර්පෙචුවල් සමාගම සතුව තිබූ සියලු දේපළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය විසින් තහනමකට ලක්‌කර ඇති බැවින් එම සමාගම පසුගිය 20 වැනිදා සිට ව්‍යාපාර කටයුතු නවතා වසා දමා ඇති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා අධිකරණය හමුවේ සඳහන් කළ අතර වැටුප් නොගෙවීම නිසා එම සමාගමේ සේවය කළ සියලු සේවකයන් ඉල්ලා අස්‌වී ඇති බවද ඔහු පැවසීය.
එසේම අදාළ නඩුවේ සිව්වන සැකකරු වන කසුන් පලිසේන පර්පෙචුවල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස රාජකාරි කරන බැවින් එම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම්කොට තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නියෝජනය කිරීමටද අවසර ලබාදෙන ලෙසද විත්ති පාර්ශවය ඉල්ලීමක් කළ නමුත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද වාර්තා වෙයි.
රතු නිවේදනයක් වෙනුවෙන් අර්ජුන්ට වරෙන්තු
අධිකරණය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින එම සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇතැයි පෙන්වා දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්‌වීම සලකා බැලු අධිකරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර ඇත.
14,322 Viewers
No comments:
Post a Comment