තැපැල් ඡන්දෙ දැම්මා FB යාළුවන්ට කියන්න ෆොටෝ ගැසූ ගුරුවරයා රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 28, 2018

තැපැල් ඡන්දෙ දැම්මා FB යාළුවන්ට කියන්න ෆොටෝ ගැසූ ගුරුවරයා රිමාන්ඩ්


තමන්ගෙ තැපැල් ඡන්දය භාවිත කොට එම ඡන්ද පත්‍රීකාව ජංගම දුරකථන කැමරාවෙන් ඡායාරූප ගත කරන ලද පාසල් ගුරුවරයෙකු 26 වනදා හොරොව්පතාන අධ්‍යාපන කලාප කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරොව්පතාන අගුනච්චියේ පාසලක ගුරුවරයෙකි.

මම ගුරුවරයා

හොරොව්පොතාන මුක්කරවැව පදිංචි 44 හැවිරිදි අයෙකි.  පාසල් ගුරුවරුන් සඳහා තැපැල් ඡන්දය පාවිච්චි කිරීම පසුගිය 24 වැනි දින කලාප කාර්යාලයේදී සිදුවන අවස්තාවේ මෙම ගුරුචරයා සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව එම ඡන්ද පත්‍රිකාව සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නගන අවස්ථාවේදී ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිවරයා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
ඔහු එම ඡායාරූපය ෆේස්බුක් දැමීමට අවශ්‍යයි කියා ලබාගත් බව දන්වා තිබුණි. නමුත් ඡන්ද නීති අනුව එය වරදකි.
ඒ අනුව අදාළ සැකකාර ගුරුවරයා ජංගම දුරකතනය සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරයා ඊයේ (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad