කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවසරකට පසු වර්ධනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 4, 2018

කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවසරකට පසු වර්ධනයක්


ගෙවීගිය 2017 වසරේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ 2.2%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එය වසර දෙකකට පසුව කොටස් වෙළෙඳ පොළෙහි වාර්තා වූ වාර්ෂික වර්ධනයක් ලෙස සටහන් වෙයි. 
එනම්, 2015 දී කොළඹ කොටස් වෙළෙඳ පොළ 5.5%ක් පහළ වැටුණු (සෘණ වර්ධනයක්) අතර, 2016 දී එය 9.6%ක් පහළ වැටුණු (සෘණ වර්ධනයක්) බව වාර්තා කෙරිණි.

ඒ අනුව, 2017 දී වසර දෙකකට පසුව කොළඹ කොටස් වෙළෙඳ පොළ වර්ධනයක් වාර්තා කර තිබේ. පසුගිය වසරේ වාර්තා වූ විශේෂිතම සිදුවීම නම්, කොළඹ කොටස් වෙළෙඳ පොළේ වර්තා වූ ශුද්ධ විදේශීය ගලාඒම් ප්‍රමාණයයි. එහිදී, පසුගිය වසර තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වූ ශුද්ධ විදේශීය ගලාඒම් ප්‍රමාණය, රු.බිලියන 17.6ක් ලෙස සටහන් වූ අතර, මෙය ඉතිහාසයේ වාර්තා වන ඉහළම අගයක් වීමද විශේෂත්වයකි. 


ඒ සමගම පසුගිය වසර තුළදී කොටස් වෙළෙඳ පොළේ මුළු පිරිවැටුමෙන් 53%කට දායක වී ඇත්තේ දේශීය ආයෝජකයන් වීමද කැපී පෙනෙයි. ඉතිරි 47% වාර්තා වී ඇත්තේ විදේශීය ආයෝජකයන්ගෙනි. 
ඒ සමගම, 2017 වසර තුළ කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකම, හෙවත් වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු.ට්‍රිලියන 2.7 සිට 2.8 දක්වා ඉහළ නැගුණි.

එමෙන්ම, 2017 වසර අවසන් වනවිට කොටස් වෙළෙඳ පොළේ වාර්තා වී තිබූ මුළු CDS ගිණුම් ප්‍රමාණය 810,000 ඉක්මවා ගොස් තිබූ අතර, කොටස් වෙළෙඳ පොළේ මුළු වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 24.5%ක් ලෙස වාර්තා වී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad