දිවුලපිටිය පොලීසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු බන්ධනාගාරය තුළදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දිවුලපිටිය පොලීසියේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා අද (4) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (3) නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දිවුලපිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුමිත් ප්‍රේමකුමාර යන අයය. ඉකුත් ඔක්තෝබර් මස බන්ධනාගාරය තුළදී මියගොස් සිටියේ හුණුමුල්ල කොටලියද්ද පදිංචිව සිටි එන්. ඒ. ගාමිණී එඩ්වඩ් නමැති (42) දෙදරු පියෙකි. මියගිය අය පදිංචිව සිටි වතුයායේ අයිතිකරුගේ ඩී.වී.ඩී. එකක් සොරකම් කළේ යැයි කියන සිද්ධියකට සැකපිට මියගිය අය දිවුලපිටිය පොලීසිය විසින් 2017.10.02 දින අත්අඩංගුවට ගෙන තිබුණි.
එසේ අත්අඩංගුවේ සිටි කාලයේදී දිවුලපිටිය පොලීසිය එම සැකකරුට පහරදීම නිසා මියගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට මීට පෙර කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දිවුලපිටිය පොලීසියේ රාජකාරි කළ අපරාධ අංශයේ පොලිස් සැරයන්වරයකුද, පොලිස් කොස්තාපල්වරයකුද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. ඊයේ (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මරණයට අනුබල දුන් අයකු ලෙස සැකපිට දිවුලපිටිය වැඩ බලන ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මියගිය අය අත්අඩංගුවට ගෙන පොලිස් නිලධාරීන් පහරදීමක් කරන බව දැන දැනත් එය වළක්වාලීමට මෙම වැඩ බලන පොලිස්ස්ථා නාධිපතිවරයා කටයුතු කර නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වන ලදී. මේ අනුව ඔහු සිය රාජකාරිය නිසි අයුරු ඉටු කර නැතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරුන් වන එච්. එම්. කුමාරසිංහ, එච්. එන්. කරුණාදාස, පොලිස් කොස්තාපල් කුමාර යන නිලධාරීන් සමග පොලිස් පරීක්ෂක ජයමහමුදලි මහතා පෙනී සිටියහ.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් නීතිඥ වසන්ත පිටිය මහතාගේ උපදෙස් මත විකුම්තිලක, ඩිලාන් එන්. ද සිල්වා යන නීතිඥ මහත්වරු සමග නීතිඥ පවිත්‍ර බෝලපගේ මහතා පෙනී සිටියහ.
රේමන් අපෝන්සු - මීගමුව
Thursday, January 4, 2018
සැකකරුවෙකු පොලිසියේදී මියගියාට දිවුලපිටිය හිටපු ඕඅයිසී රිමාන්ඩ්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment