ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තිලංග සුමතිපාල තවත් වරක් එම ධූරයට තරගවැදීම සම්බන්ධයෙන් සිය අකමැත්ත ප‍්‍රකාශ කර ඇති බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීති අනුව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යම් අයෙකු සභාපති ධූරට සදහා තරගවැදීම නතර කිරීමට සදහා අයිතිය තිබෙන බවත් එම වාර්තා තවදුරටත් දක්වයි.
තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දරුණු පරාජයට ලක්වු අතර නායකයින් 7 දෙනෙකු යටතේ තරග 57කදී ජයගත හැකි වුයේ තරග 14ක් පමනි.තරග 40ක් ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට සිදුවිය. ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත නිදහස් කුෂලානය තිලංග සුමතිපාල මහතාගේ සහභාගීත්වයෙන් යුතුව ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග වදින අවසන් තරගාවලිය වන අතර එම තරගාවලිය ඉන්දියාව බංගලාදේශ කණ්ඩායම් සමග පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.
තිලංග සුමතිපාල මහතාගෙන් පසු එම ධූරයට පත්කිරීමට යෝජිත නම් අතර එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් දෙදෙනෙකු සිටින බවද එම ආරංචි පවසයි.

No comments:
Post a Comment