දයා මාස්ටර්ට පහරදුන් සැකකරු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

දයා මාස්ටර්ට පහරදුන් සැකකරු අත්අඩංගුවට

එල්ටීටීඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ යාපනයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක මාධ්‍ය අධ්‍යක්‍ෂ දයා මාස්ටර් හට පහර දුන් පුද්ගලයකු ඊයේ(08) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ රූපවාහිනී කාර්යාලයේ දී ම මෙම පහර දීම සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පහර දීම සිදු කළ පනස් තුන් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුව අද (09) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad