කොහුවල ගෙයක් තුළ හය දෙනෙකු එක්වී හෙරොයින් පැකට් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 20, 2018

කොහුවල ගෙයක් තුළ හය දෙනෙකු එක්වී හෙරොයින් පැකට් කරලා


හෙරොයින් ඇසුරුම් කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් හය දෙනෙකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට
ගෙන තිබේ.
නිවසක් තුළ සිදු කර ගෙන ගිය  ජාවාරම වටලා ඇත්තේ කොහුවල පොලිසියට ලද තොරතුරක් මතයි. හෙරොයින් ග්‍රෑම් හැටපහයි මිලි ග්‍රෑම් පන්සිය අසුදෙකක්

සැකකරුවන් සතුව තිබි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38, 47, 50, 53, 60 යන වයස් වල පසුවන්නන්ය. සැකකරුවන් කළුබෝවිල හා වැල්ලවත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලිසිය පවසනවා. සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරිමට නියමිතයි.


No comments:

Post a Comment

Post Bottom Ad