දණ ගැසුවෙ නැතැයි කියන්න කිව්වා විදුහල්පතිනියගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 20, 2018

දණ ගැසුවෙ නැතැයි කියන්න කිව්වා විදුහල්පතිනියගෙන් ප්‍රකාශයක්


දණ ගැසුවෙ නැතැයි බොරුවක් කියන්න කිව්වා
විදුහල්පතිනියගෙන් ප්‍රකාශයක්

‘නිසි කල නිසි තැන විශ්වාසවන්ත මිනිසා‘ යන වැකිය යොදාගෙන ඌව පළාතේ මැතිවරණය ව්‍යාපාරයේ යෙදී ජයගෙන මහ ඇමති පුටුවට තේරුණ චාමර සම්පත්ට එරෙහිව පසුගිය දින කිහිපය පුරා එල්ලවූ ගුරුවරිය දණගැස්වීමේ චෝදනාව පිළිබඳ කතාව ඊයේ සැබෑවක් වුණා.
ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ වැඳ සමාව ගැනීමට සිදුවූ බව බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන  භවානි රගුනාත් මහත්මිය ඊයේ හඬා වැටෙමින්

පිළිගත්තේ එසේ නොවන බවට මින් ඉහත කළ ප්‍රකාශය බලපෑම් මත සිදු කළ එකක් බවද පවසමිනි.
 මුලින්ම ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මෙම සිදුවීම ප්‍රසිද්ධ කළ නමුත් එය අසත්‍යයක් බව

දිගින් දිගටම මහඇමතිවරයා දන්වා සිටියේ මිලියන ගණනක් අපහාස නඩු පවරන බවටද දන්වමිනි.

මේ අතරවාරයේ අදාළ විදුහල්පතිනිය දන්වා සිටියේ සිද්ධිය දේශපාලනයට යොදාගෙන ඇති බවත් එය අසත්‍යයක් බවත්ය. නමුත් ඊයේ එජාප මන්ත්‍රී වඩිවේල් සුරේෂ් හා පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු පිරිසක් එම පාසලට ගොස් තිබුණු අතර ලේකම්වරියද ඉදිරිපිට විදුහල්පතිනිය හඬා වැටෙමින් තමා මුහුණ දුන් සිදුවීම විස්තර කළාය.

‘මහ ඇමති නිල නිවසට ගෙන්නගෙන බැන්නා. මං ඇහුවා මොනවද බනින්නෙ මං මුකුත් එයා ගැන කිව්වෙත් නෑ. සමාවෙන්න සර් සමාවෙන්න මං කිව්වෙ නෑ කියල තමා වැන්දේ (ඇය පහත්වී දණ ගසා වැන්ද හැටි පෙන්වයි). මට මාර ලැජ්ජයි මේ සිද්ධියට.
මේ ලයිව් එකේ යනවා ඔයා දණගැහුවා කියල එන්න ඉක්මණට කියල කිව්වා. ලේකම් ඔයා වොයිස් කට් එක දැන්ම දෙන්න ඕන. දණගැහුවෙ නෑ කියල කියන්න ඕන කියල කිව්වා. පස්සෙ වොයිස් කට් දෙන්න මං සිංහල හරියට දන් නෑ. පස්සෙ මට කියල දුන්නා මීඩියා කරන එක්කෙනෙක්. ඊට පස්සෙ තමා හරියට අර වචනෙ කිව්වෙ.‘

 විදුහල්පතිනියට බලපෑම් කිරීම  සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට
පැමිණිල්ලක් කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad