සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 3, 2018

සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..

‘වෙලාවකට හිතෙනවා ඔක්කොම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියල’ යයි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය සදහන් කරයි. ඇය මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව වසර සදහා වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සදහන් කලාය.

“මෙතනට ආපුවහම තමයි පේන්නේ අපිට කොයි තරම් හමුදාවක් ඉන්නවද කියල. CPC එකේ 3000ක් ඉන්නවා. CPSTL එකේ 2700 ක් පමණ ඉන්නවා. තවත් මේකට එන්න දවසකට කීදෙනෙක් අපිට කතා කරනවද ? ඇමතිතුමාටයි මටයි තමයි පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඩිමාන්ට් එක තියෙන්නේ. එක්කෝ ෂෙඩ් එකක් ගන්න පස්සෙන් එනවා. නැත්නම් රස්සාවට දාගන්න කවුරුහරි පස්සෙන් එනවා.


කෙසේ හෝ අපි ආපු ගමන ගැන මම සතුටු වෙනව වගේම තවත් අඩුපාඩු තියෙනවා‍. අපිට මීට වඩා ගොඩක් දෙයක් කරන්න පුළුවන් කියල මම හිතනවා. ආයතනය රජයේ කියලා කිවුවට අපි ඇත්තටම වැඩ කරන්න ඕන පෞද්ගලික ආයතනයක් වගේ. මට වෙලාවකට හිතෙනවා ඔක්කොම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියල. මොකද මමත් රජයේ ආයතනයක වගේම පෞද්ගලික ආයතනයකත් වැඩ කරල තියෙනවා. එතැනදි මම දකිනවා කාර්යක්ෂමතාව කියන එක කොයිතරම් වටිනවද කියල.

මේ අවුරුද්දේ මමත් ඇමතිතුමත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයත් එකතු වෙලා බලාපොරොත්තු වෙනවා හොඳ කාර්යක්ෂමතා සේවයක් පවත්වාගෙන යනවා සේම නැවතත් තෙල් අර්බුදයක් ඇති නොවෙන්න කටයුතු කරන්න. මොකද මෙතැනදී ඇතුලෙම වැඩ කරන අයගෙන් තමයි SMS පණිවුඩ ගිහිල්ලා පසුගිය කාලේ තෙල් අර්බුදය පටන් ගත්තේ. ඒක නිසා තමයි අපිට හිතට අමාරු. ඒ වගේම රජයේ සේවය කරන්න අපිට පිනක් අපිට උත්පත්තියෙන්ම ලබා දීල තියෙනවා. රජයේ සේවකයෝ කී දෙනාද ඉන්නේ. ඒ නිසා තමන්ගේ සේවය හරියට කරන්න…. ”

මෙම උත්සව අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාද එක් විය. ඔහු අවධාරණය කළේ දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමට විෂය භාර අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමිය දුන් සහයෝගය මහත් සේ අගය කරන බවයි. පසුගිය මාස හයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මහත් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වූ බවද සභාපති දම්මික රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

No comments:

Post a Comment

Post Bottom Ad