පෑලියගොඩ රථ වාහන ධාවනයේ වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 3, 2018

පෑලියගොඩ රථ වාහන ධාවනයේ වෙනසක්


කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කැළණි පාලම අසල කැළණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සදහා භාවිත කරන මාර්ගය මේ මස 10 වනදා සිට වසා තැබීමට තීරණය කර තිබෙනවා. යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු සදහා මෙලෙස එම මාර්ගය වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේ. 

මෙහිදී භාවිතා කළ යුතු විකල්ප මාර්ගද, මාර්ග සංවර්ධන අධිකාරිය නම් කර ඇති අතර, ඒ අනුව, කටුනායක අධිවේගී මාර්ගයේ සිට කැළණිය සහ පෑලියගොඩ දෙසට පිවිසීම සදහා පෑලියගොඩ හුවමාරුව භාවිතා කර කොළඹ - නුවර මාර්ගයට පිවිසිය හැකියි. 

එමෙන්ම, කටුනායක අධිවේගී මාර්ගයේ සිට වත්තල සහ පෑලියගොඩ දෙසට පිටවීම් සදහා පෑලියගොඩ හුවමාරුව භාවිතා කර කොළඹ - මීගමුව මාර්ගයට පිවිසිය හැකි වනවා. එසේම, කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට පැමිණෙන වාහනවලට සුපුරුදු පරිදි ගමන් කළ හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad