“අපිට ගහන්න ඕන නම් මේ කොල්ලන්ට නැතිව අපට ගහපල්ලා..” නාමල්ගේ ඇත්ත හැසිරීම වීඩියෝවකින් එළියට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

“අපිට ගහන්න ඕන නම් මේ කොල්ලන්ට නැතිව අපට ගහපල්ලා..” නාමල්ගේ ඇත්ත හැසිරීම වීඩියෝවකින් එළියට..

පසුගියදා නාවික හමුදාව හා CH & FC පිල අතර පැවති රගර් තරඟය අවසන පිටිය මැද යම් කලහකාරී තත්ත්වයක් ඇතිව ඇති බැව් වාර්තා වීය. මැතිවරණය ලඟ නිසා රාජපක්ෂ පුතුන්ව රණ්ඩුවකට ඇදගෙන, එය මැතිවරණ ජයග්‍රහණයට වාසි දායක තත්ත්වයකට ප්‍රචාරය කිරීම ඔවුන්ගේ අරමුණ තිබී ඇත්දැයි සැක පලවේ.

නමුත් මෙහි යෝෂිත රාජපක්ෂ (අංක 7) ටී ශර්ටය, හැසිරීම නරඹන්න. ඔහු අන්තිමට “නවත්තපල්ලා” යනුවෙන් බෙරිහන් දෙයි.. තරඟය අවසන ඇති වන රණ්ඩුව බේරන්නට එන්නේ නාමල් රාජපක්ෂයි. ඔහු එදා තරඟයේ CH & FC කණ්ඩායමේ අතිරේඛ ක්‍රීඩකයා බව ඇදගෙන සිටින ලුමිනස් කොල පැහැති ජැකට් එකෙන් පෙනේ.



ඔහු දිව විත් මේ තත්ත්වය සමනය කරන්නට දරන උත්සාහය නොපෙනේ නම්, එය චණ්ඩි පාට් එකක් ලෙස අර්ථ දැක්විය හැකි නම් එය ඉතා පහත් පෙලේ වැඩක් ලෙස හඳුන්වන්නට දෙවරක් සිතිය යුතු නැත. මෙම ගැටුම අවසානයේ නාමල් රාජපක්ෂ නාවික හමුදා ක්‍රීඩකයින්ට පොදුවේ ආමන්ත්‍රණය කර තිබේ.

“ඔව්, අපි විපක්ෂයේ තමයි අද.. ඒත් උඹලට ගහන්න ඕන නම් මටයි මල්ලිටයි ගහපල්ලා.. ඒත් මේ සෙල්ලම් කරන්න ආපු අහිංසක කොල්ලන්ට ගහන්න එපා.. උඹල මේක හෙට ප්‍රවෘත්තියක් කරයි.. ඒත් උඹලගේ හදවත දන්නවා උඹලා කරපු බලු වැඩේ තරම”.කෙසේ වෙතත් අවසානයේදී නාවික හමුදා නිලධාරීන් පැමිණ CH & FC කණ්ඩායමේ නිළධාරීන්ගෙන් සමාව ගන්නට කටයුතු කර තිබේ.

සිදුවීමට අදාළ වීඩියෝව පහතින්..,


No comments:

Post a Comment

Post Bottom Ad