ජීවිතාරක්ෂක ජැකට් නොපැළඳ බෝට්ටු පැද්දාට ඕස්ට්‍රෙලියානු අගමැති දඩකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

ජීවිතාරක්ෂක ජැකට් නොපැළඳ බෝට්ටු පැද්දාට ඕස්ට්‍රෙලියානු අගමැති දඩකයි


ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පසුගියදා සිය නිවස ආසන්නයේ සිඩ්නි නුවර ජලාශයකදී ජීවිතාරක්ෂක ජැකට් නොපැළඳ බෝට්ටුවක් පදවායාමේ වරදට එරට නාවුක අධිකාරිය වෙත ඩොලර් 250 ක දඩයක් ගෙවා තිබේ.

ඔහු බෝට්ටුවේ ගමන් කරමින් සිටින අයුරු දුටු පුද්ගලයෙකු ඡායාරූපයක් ලබාගෙන තිබුණ අතර එය පසුදින The Australian පුවත්පතේ පළව තිබුණි. මෙම සිද්ධිය පුවත්පතේ වාර්තාකර තිබුනේ ඔහු ජීවිතාරක්ෂක ජාකට්ටු පළඳා නොතිබීම වැරදි පූර්වාදර්ශයක් බවද සඳහන් කරමිනි. මේ පුවත දුටු අගමැතිවරයා එදිනම තමන් කළ වරද ගැන සමාව ඉල්ලමින් සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණ අතර ඔහු විසින්ම නාවුක අධිකාරිය වෙත ඇමතුමක් ලබාගෙන තමන් කළ වරදට අදාළ දඩය ගෙවන්නට සූදානම් බව දන්වා ඇත.

ඉතා කෙටි දුරක් පදවා යායුතු බෝට්ටුවක් වූ බැවින් ජැකට්ටුව පැළඳීම තමා අමතක කර දැමූ බවත් එය තාක්ෂණික වශයෙන් නීතිය නිවැරදි වුවත් එවෙලේ ප්‍රායෝගික පහසුව සැලකූ බවත් මත් කර තිබෙන අගමැතිවරයා කෙසේ වෙතත් තමා කළේ වරදක් බැවින් එයට නියමිත දඩය ගෙවීමට තමා බැඳුණ බව දන්වා තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad