යුද්දෙ ඉවර කලේ මමයි.. රාජපක්‍ෂ දින්නේ කිලිනොච්චි-මුලතිවු විතරයි.. රාජපක්‍ෂ රටට කල දෙයක් නෑ.. මං කල සේවය මාගල් වගේ ලියන්න පුළුවන්..- චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

යුද්දෙ ඉවර කලේ මමයි.. රාජපක්‍ෂ දින්නේ කිලිනොච්චි-මුලතිවු විතරයි.. රාජපක්‍ෂ රටට කල දෙයක් නෑ.. මං කල සේවය මාගල් වගේ ලියන්න පුළුවන්..- චන්ද්‍රිකා

රාජපක්‍ෂ පාලන සමයේදී රටට කල කිසිදු සේවයක් නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

වේයන්ගොඩදී පැවති ශ‍්‍රීලනිප ජන හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.



අපි අත්තනගල්ලට කල සේව ලිවුවොත් මාගල් වගේ ලියන්න පුළුවන්. පොහොට්ටුකාරයො අහනවලූ චන්ද්‍රිකා මොනවද අත්තනගල්ලට කලේ කියල. මං උන්ගෙන් අහනව චන්ද්‍රිකා අත්තනගල්ලට නොකලෙ කියල.

‘රාජපක්‍ෂගේ අවුරුදු නවයේ ජනතාවට මොකක්ද කලේ කියල මං අහන්න කැමතියි. යුද්දෙ දිනුවලූ. රාජපක්‍ෂ මහත්තයද යුද්දෙ දිනුවෙ. යුද්දෙන් තුන්කාලක් දින්නෙ මගෙ ආණ්ඩුවෙන්. මුළු උතුරම කොටි අල්ලගෙන හිටියෙ මං එනකොට. කිලිනොච්චි මුලතිවු විතරයි ඉතුරු වෙලා තිබුනෙ. ඒ ටික විතරයි රාජපක්‍ෂ දිනුවෙ’ යයිද ඇය එහිදී සදහන් කලාය.

No comments:

Post a Comment

Post Bottom Ad