‘මට මැඩම් කියාපියවු’.. ඡන්ද දායකයන්ට මන්ත‍්‍රි බිරිද ප‍්‍රසිද්ධියේ බැණ වදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 2, 2018

‘මට මැඩම් කියාපියවු’.. ඡන්ද දායකයන්ට මන්ත‍්‍රි බිරිද ප‍්‍රසිද්ධියේ බැණ වදී


තමන්ට ‘මැඩම්’ කියා ඇමතුවේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ බිරිදක් සිය මන්ත‍්‍රි සැමියාගේ ඡන්ද දායිකාවකට බලවත් කෝපයෙන් බැණ වැදී තිබේ. අදාල මන්ත‍්‍රිවරයා මුල් වරට පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වන අතර ඔහු වයඹ පලාතේ සාමාන්‍ය පවුලක කෙනෙකි.

ප‍්‍රදේශයේ හිතවතුන් මෙන්ම ඡන්ද දායකයන්ද එකල ඔහුට අමතා ඇත්තේ ‘අයියේ, අක්කේ’ ලෙසයි. ගිය සතියේ දිනෙක මන්ත‍්‍රි නිවසට පැමිණ ඇති ඡන්ද දායිකාවක් පෙර පුරුද්දට ‘අක්කේ’ යයි මන්ත‍්‍රී බිරිදට ඇමතීම නිසා ඇය මෙසේ දැඩි කෝපයට පත්ව ඇත.

‘මං කවද ඉදන්ද අක්ක වුනේ. අක්ක බක්ක අවශ්‍ය නෑ. මැඩම් කියල කතා කරනවා’ යැයි පිරිස ඉදිරියේ මන්ත‍්‍රී බිරිද බැණ වැදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad