කොමදෝරු දසනායක ඇතුළු හය දෙනෙකුට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 9, 2018

කොමදෝරු දසනායක ඇතුළු හය දෙනෙකුට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගර ගත කර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු 6 දෙනකුට කොළඹ මහාධිකරණය අද ඇප නියම කළා. ඒ සැකකරුවන් මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එක් විත්තිකරුවෙකු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත ඔවුන් මුදා හැරීමටයි නියෝග කළේ. එමෙන්ම සෑම සතියකම සෙනසුරාදා දිනයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද මොවුන්ට නියෝග කර තිබෙනවා.
සාක්ෂිකරුවන්ට හෝ පරීක්ෂණවලට බලපෑම් කළහොත් ඇප අවලංගු කර යළි රිමාන්ඞ් කරන බවටයි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට දැනුම් දී ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad