ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනපති මෛත්‍රී සන්ධානයේ 96 දෙනාට හෙට එන්න කියයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 28, 2018

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනපති මෛත්‍රී සන්ධානයේ 96 දෙනාට හෙට එන්න කියයි..!



පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එකතු වෙනවානම් හෙට ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27දා) සවස රත්නපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් අමතමින් පැවසුවේ ය.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
‘අපිට කියනවා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගොස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සංධානයේ මන්ත්‍රීවරු අනූ හයදෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලැස්තියි ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.’
‘ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව, ඕකදාලා එන්න. මං ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න, හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහය මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.’
‘මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ ලේ’. යැයිද ජනාධිපතිවරයා කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad