ප්‍රසිද්ධ පෞද්ගලික විද්‍යාලයේ සිසුවා කුඩු නිසා සොරෙකුවී මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 28, 2018

ප්‍රසිද්ධ පෞද්ගලික විද්‍යාලයේ සිසුවා කුඩු නිසා සොරෙකුවී මාට්ටු


මීගමුවේ ප්‍රසිද්ධ පෞද්ගලික විද්‍යාලයක උසස් පෙළ දක්වා අධ්‍යපනය ලබා මිතුරන් සමග එක්ව මත්කුඩු බීමට
ඇබිබැහි වී

නිවාස හා වෙළෙඳ ආයතන කඩා රුපියල් ලක්‍ෂ ගණනක මුදල් සොරකම් කළ අයෙකු මීගමුව පොලීසියේ අපරාධ අංශය මගින් 25 දා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීගමුව ග්‍රීන්ස් පාරේ පදිංචි අයෙකි. මේ තැනැත්තා කපනකටුවක් හා අඬුවක් උපයෝගයෙන් ගෙවල් බිඳිමට පුරුදුවී සිටි අයෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ
කපන කටුවක් හා අඩුවක්ද තිබූ බව පොලීසිය කියයි. දිනකට මත්කුඩු සඳහා අවශ්‍ය 1500 හෝ 2000 කෙසේ හෝ සොයාගත යුතු බවත් ඒ සඳහා ව්‍යාපාරික ස්තාන බිඳ කුමක් හෝ සොරාගැනීම අවශ්‍ය බවත් ඔහු පොලිසියට පවසා තිබේ.
සැකකරු අදිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad