හතරේ පහර 27යි.. හයේ පහර 04යි.. ලකුණු 200යි.. අක්මාල්ගෙන් වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 4, 2018

හතරේ පහර 27යි.. හයේ පහර 04යි.. ලකුණු 200යි.. අක්මාල්ගෙන් වාර්තාවක්

පාකිස්තානු කන්ඩායමේ හිටපු කඩලුු රකින ක‍්‍රිඩක කම්රන් අක්මාල් එරට List ‘A’ තරගයදි ලකුණු 200ක් රැස් කිරීමට සමත්වි තිබෙනවා. එහිදි Habib Bank Limited  කණ්ඩායම එරෙහිව පැවැති තරගයේදී පන්දු 148කට මුහුණ දී ඇති අක්මාල් හතරේ පහර 27ක් හා හයේ පහර 04ක් සමගින් ද්විත්ව ශතකයක් ලබා ගෙන ඇති අතර එහි ප‍්‍රහාරාත්මක වේගය 135.4ක් වශයෙන් දැක්වෙයි.



අක්මාල් ගේ එම දිවිත්ව ශතකයක් සමගින් ලකුණු 315ක ඉලක්කයක් හඹා ගිය WAPDAකණ්ඩායම පන්දුවාර 46කදී කඩුලු 07ක් දැවී ජයග‍්‍රහණය සපුරා ගත්හ. වේ වන විට දේශීය ක‍්‍රිකට් පිටියේ විශිෂ්ට පිතිකරුවකු ලෙස නම් දරා සිටින අක්මාල් පාකිස්තානයේ පැවැති දේශීය විස්සයි විස්ස තරගාවලියේ පැවැති තරගයකදී ලකුණු 150ක් රැස් කිරිමට සමත්විය.

එම දිවිත්ව ශතකයත් සමග List ‘A’  තරගවලදී දිවිත්ව ශතකයක් රැස් කළ තෙවැනි පාකිස්තානු ක‍්‍රිඩකයා ලෙස අක්මාල් වාර්තා අතරට එක්වු අතර මෙහොමඩ් අලී හා කලීඩ් ලතීෆ් දිවිත්ව ශතක රැස්කළ අනෙක් පාකිස්තානු පිතිකරුවන් වෙයි. එංගලන්තයේ ඇලෙස්ටියා බ‍්‍රවුන් List ‘A’ තරගවල දිවිත්ව ශතක දෙකක් රැස් කළ එකම පිතිකරුවා වන අතර List ‘A’ තරගවල පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු(268) ප‍්‍රමාණයේ වාර්තාවද ඔහු සතුය.

No comments:

Post a Comment

Post Bottom Ad