ශ‍්‍රී ලංකාව අදත් පරාදයි.. ලංකාවට ක‍්‍රිකට් එපා කල ෂර්මාගේ ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරය මෙන්න..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 22, 2017

ශ‍්‍රී ලංකාව අදත් පරාදයි.. ලංකාවට ක‍්‍රිකට් එපා කල ෂර්මාගේ ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරය මෙන්න..[Video]

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවැනි 20-20 තරගයෙන්ද ශ‍්‍රී ලංකා කණ්ඩායම පරදා ලකුණු 88ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය පිල සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 260ක් ලබා ගත්තේය. එය ඉන්දීය පිල 20-20 තරගයකදී ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව වෙයි.

එහිදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කල රෝහිත් ෂර්මා පන්දු 43කදී ලකුණු 118ක් ලබා ගත්තේ හටේ පහර 10ක් හා හතරේ පහර 12ක් සමගිනි. පිළතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 17.2කදි සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 172ක් පමණි. මේ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ඉන්දීය පිල මේ වන විටත් ජයගෙන සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad