මැට්ස් නොකර
කොමර්ස් කරපු නිසයි මම දින්නේ
"පාඩම් වැඩිදුර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළා. කිසි විටෙකත් විභාගය හිතට බියක් කර ගත්තේ නැහැ. විභාගය සමත් වෙයි කියා හිතුවත් වාණිජ විෂය ධාරාවෙන් ලංකාවෙන්ම් පළමු වැනියා වෙන්න පුළුවන් වෙයි කියා හීනෙතින්වත් හිතුවේ නැහැ. මොකද මම ගණිත විෂය ධාරාවට සූදානම් වෙලා පසුව එය වෙනස් කර වාණිජ විෂය ධාරාව තෝරා ගත්තේ පාසලේ විදුහල්පතිනියගේ උපදෙස් මතයි. ඇය එදා ගත් තීරණය නිවැරදි බව අද මට හොඳ ට වැටහෙනවා.
වාණිජ විෂයෙන් ලංකාවෙන්ම පළමු වෙනියා බවට පත්වු මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දූලානි රසන්තිකා (19) සිසුවිය පැවසුවාය. උඩ අපරැක්ක කන්ටමුල්ලවත්තේ පදිංචි ඇයගේ පියා එස්.ඒ. ගුණරත්න (59) කොළඹ පෞද්ගලික ෆාමසියක රියැදුරෙකි. මව කේ.එච්.ජී. ලලිතා (58) මහත්මිය ගෘහණියකි. එකම සහෝදරිය වු එස්.ඒ. ශාලිකා (24) කොළඹ පෙගුද්ගලික රෝහලක හෙදියකි.
ආර්ථික අපහසුතා මැද අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා කොකාවල මධ්‍ය මහ විද්‍යාලයේ ඉගෙනුම් ලැබූ ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ. සාමාර්ථ 8 ක් හා බී. සාමාර්ථයක් ලබාගෙන උසස් පෙළ හැදෑරීම සඳහා මාතර සුජාතා බාලිතා විද්‍යාලයට ඇතුළත්ව තිබේ. උසස් පෙළ හැදෑරීමට පෙර ඇය උපකාරක පන්ති ගොස් තිබුණේ ගණිත විෂය ධාරාව සඳහාය. එහෙත් දෛවය වෙනස් කරවමින් සුජාතා විද්‍යාලයේ විදුහල්පතිනී හේමන්ති මාලා වනිගසිංහ මහත්මිය ඇයගේ අධ්‍යාපන ගමන් මග වෙනස් කිරීමට උපදෙස් දී තිබේ.
සබ්මුඛ පරීක්ෂණයේ දී දුලානිගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පරීක්ෂා කළ විදුහල්පතිනිය ඇය ගණිත අංශයෙන් නොව වාණිජ අංශයෙන් ඉදිරියට යාම සුදුසු බව ප්‍රකාශකර තිබුණි. තමන් මීට පෙර ඉගෙනුම් ලැබූ විද්‍යාලයේ ද වාණිජ විෂය ධාරාව හැදෑරීමට පහසුකම් තිබු නිසා ගණිත විෂය ධාරාව හැදෑරීමට ආසාවෙන් නව පාසලකට ඇතුළත් වීමට ගිය දූලානිගේ බලාපොරොත්තු මදකට බිඳ වැටුණ නිසාදෝ ඇය හඬා වැළපෙන්නට වුවාය.
එම අවස්ථාවේදී විදුහල්පතිනිය ප්‍රකාශ කර ඇත්තේ තමාත් වාණිජ විෂය ධාරාට් හදාරා මෙම මුල් පුටුවට පත්ව ආ බවයි. ඒ අනුව දුලානිගේ පියා ඇයට පවසා ඇත්තේ 'දුවේ අපිට වඩා උගත් බුද්ධිමත් විදුහල්පතිවරියක දෙන උපදෙස් ගැන සලකන්න' යනුවෙනි. ඒ අනුව ඇගේ දෛවය වෙනස් කරගෙන තිබේ.
No comments:
Post a Comment