අනතුරට පත් සිසුවෙකු
රෝහලේ සිට සාපෙළ ලියූ හැටි
ඊයේ ඇරඹි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිත ශිෂ්‍යයෙකු මීගොඩ මහා විදාත්‍යාලයීය විභාග මධ්‍යස්ථානය අසලදී ඊයේ (12) දින උදෑසන සිදු වූ රීය අනතුරකීන් තුවාල ලැබූ අතර ඔහුව හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමට සිදුව තිබුණි. මෙම අවස්ථාවේ ඔහුට විභාගය මගහැරීම ගැන බලධාරීන් කල්පණා කර එයට විශේෂ අවසරය මත විසඳුමක් ලබාදී රෝහල තුළදීම විභාගයට පෙනී සිටීමට වරම උදා කර දී තිබේ.
විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් පරිදී රෝහලේ විශේෂ කුටියකදී විභාගයට පෙනී සීටීමට අවස්ථාව සලසා දුන්නේ හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසූරිය මහතාගේ මැදිහත්වීමෙනි. අනතුරට ලක් වූ ශිෂ්‍යයා සිය සහෝදරයා සමග වටරැක ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් මීගොඩ මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානය බලා පැමිණ ඇති අතර එහිදී විභාග මධ්‍යස්ථානය ඉදිරිපිටදී දකුණු දෙසට යතුරුපැදිය හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් යතුරුපැදියෙහි පිටුපස දැටී ඒ අසල නවතා තිබූ තිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ද ගැටී ඇතැයි මීපේ පොලිසිය පවසයි.
පසුව පුදේශවාසීන් එක්ව අනතුරට ලක් වූ ශිෂ්‍යයා සහ සහෝදරයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ශිෂ්‍යයාගේ වම් ඇස ආසන්නයේ සහ අත් පාවල තිබූ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙලෙස විභාගයට පෙනී සිටින්නට හැකි විය.
Wednesday, December 13, 2017
අනතුරට පත් සිසුවෙකු රෝහලේ සිට සාපෙළ ලියූ හැටි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment