Enlightened Christian Gathering Church යන ක්‍රිස්තියානි නිකායේ නිර්මාතෘ ෂෙපර්ඩ් බුෂිරි මෙසේ සිය දියණියට මිලදී ගෙන ඇත්තේ මසෙරාටි ලෙවන්ටේ රථයක්. ඊශ්‍රායෙලා නම් එම දියණියගේ උපන් දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් 25 වනදාටයි. බුෂිරි මෙම රථය සහ ඔහුගේ දියණිය දැක්වෙන ඡායාරූප කිහිපයක් පසුගිය දිනෙක සිය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවල පළ කරමින් මෙම ත්‍යාගය පිළිබඳ හෙළිදරව් කළා.
තමා කෙතරම් ආගමික කටයුතු මධ්‍යයේ වුවද තම පවුල වෙනුවෙන් හැකි තරම් කාලයක් කැප කරන බවද ඔහු කියා සිටියා. නමුත් මෙම ත්‍යාගය පිළිබඳ ඇතැම් අය බුෂිරිට දෝශාරෝපණය කරන අතරම මෙතරම් විශාල ධනයක් ලැබුණු ආකාරයද ප්‍රශ්න කරනවා. මේ හේතුවෙන් සමාජ ජාලා තුළ ආන්දෝලනයක් මතුව තිබේ.



No comments:
Post a Comment