එජාප සියලු සංවිධායකවරුන් ජනවාරි 3 සිරිකොතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

එජාප සියලු සංවිධායකවරුන් ජනවාරි 3 සිරිකොතට


දිවයින පුරා සිටින එක්සත් ජාතික පක්ෂ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් කළමනාකරුවන් ලබන ජනවාරි 3 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවන ලෙස එජාප නායක , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉහළින් ජයග්‍රහණය කරවීම සඳහා මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දැනුම්වත් කිරීමට නියමිතව ඇත. මෙම සමුළුව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ නායකයෝ රැසක් සහභාගි වීමටද නියමිතය.

මේ අතර කොළඹ මහනගර සභාවට තරග කරන සියලුම දෙනාද අද ( 29) සවස 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා ඇත. එජාප උප නායක රවි කරුණානයක , නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, මැදකොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජ්බර් රහුමාන් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වෙති.

No comments:

Post a Comment

Post Bottom Ad