‘ ජනවාරි 08 මහින්දගේ ඇදුමට අන්දවපු අණ්ඩ පෙබරවාරි 10 ජනපතිගේ හා අගමැතිගේ ඇදුමට අන්දවනවා’..නිරෝෂන් මාතර සටනේ පළමු වෙඩිමුරය තබයි(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 22, 2017

‘ ජනවාරි 08 මහින්දගේ ඇදුමට අන්දවපු අණ්ඩ පෙබරවාරි 10 ජනපතිගේ හා අගමැතිගේ ඇදුමට අන්දවනවා’..නිරෝෂන් මාතර සටනේ පළමු වෙඩිමුරය තබයි(VIDEO)

2015 ජනවාරි 08 මැතිවරණය පරාජයට පත්වීමෙන් පසු කාටුන් ශිල්පීන් විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇදුමට අණ්ඩ අල්ලා නිර්මාණයන් සිදු කළත් ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ජන්දයෙන් පසු එම ඇදුමේ අණ්ඩ ගැලවී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  හා ජනපති මෛත‍්‍රීපාල මහතාගේ ඇදුමට එක්වන බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව පවසා සිටියේ ඊයේ දිනයේදී පළාත් පාලන ආයතන සදහා නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී අදහස් දක්වමිනි.

මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂය එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගන්නා බවත් පෙබරවාරි 11වැනිදා මහින්ද රාජපක්ෂ මහතාට අලුත් ඇදුමක් අන්දවන ලෙසට කාටූන් ශීල්පීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad