පෙට්‍රල් ලබාගැනීමේ අරමුණින් අද දහවල් වනවිටත් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බව එහි සංචාරයක නිරතවූ අප වාර්තාකරුවන් සඳහන් කළා. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නැත යනුවෙන් පුවරු පවා ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම පිරවුම්හල්වලින් පෙට්‍රල් සීමාසහිතව නිකුත් කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම්හල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා. මේ අතර ඇතැම් පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණේ පොම්පකරුවන් සහ පාරිභෝගිකයන් අතර ගැටුම් ඇතිවීම වළක්වාගැනීම සඳහායි. පසුගිය දිනකද ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ගැටුමක් හටගෙ තිබුණා.
මේ අතර අද දිනයේදීද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිමක් ඇති අවස්ථාවේ එකවරම ඉන්ධන පිරවුම් හල අසලට පැමිණි ප්‍රභූ වරයෙකුගේ රථයකට ඉන්ධන ලබා ගැනීමට පොලිස් ආරක්ෂාව යටතේ පැමිණි මොහොතක අසල සිටි පුද්ගලයෙකු නිර්භීතව බැන වදිමින් එයට විරෝධය දක්වන අයුරු වීඩියෝවක් මේවනවිට සමාජ ජාල මාධ්‍ය හරහා පැතිරයනවා. කෙසේ වෙතත් මෙම පුද්ගලයාට අසල සිටින කිසිවෙකුගේත් සහය නොලැබෙන අතර මොහු එඩිතරව විරෝධය පාමින් සැවොම වෙනුවෙන් හඬ නගනවා.
එම වීඩියෝව පහතින්...
Tuesday, November 7, 2017
තෙල් ගහන්න පොලිමේ ඉද්දි, ප්‍රභූ රථයකට තෙල් ගහන්න ආපු පොලීසියේ රෙදි ගැලවූනු හැටි - Video
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment