ඉන්දීය තෙල් බලය ගැන කෙස් කෙලින් වෙන විචාරයක්… ව්‍යවස්ථා කෙටුම්පත-හම්බන්තොට වරාය ගිවිසුම පට්ටා ගසමින් මන රංජන තත්පර හයදහසක්..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 8, 2017

ඉන්දීය තෙල් බලය ගැන කෙස් කෙලින් වෙන විචාරයක්… ව්‍යවස්ථා කෙටුම්පත-හම්බන්තොට වරාය ගිවිසුම පට්ටා ගසමින් මන රංජන තත්පර හයදහසක්..[Video]

2002-2004 වසරවලදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් විදේශයන්ට විකුණා දැමූ රාජ්‍ය දේපලවලින් ආපසු ගන්න බැරි වූ එකම ආයතනය ලංකා ඉන්දීය තෙල් සමාගම බව හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

තෙල් සංස්ථාවට තිබූ ඒකාධිකාරය බිද දමා පනතද වෙනස් කරමින් තෙල් පිරවුම්හල් සියයක් සදහා එකල අවසර දුන්නද අද වන විට පිරවුම්හල් 350කට වඩා පිහිටුවා ඇතැයිද ඔහු පෙන්වා දෙයි. ළගදීම ත‍්‍රිකුණාමලයේ සියලූ තෙල් ටැංකි ඉන්දියාවට දෙන බවත් ඉන්පසු ඉන්දියාව තෙල් එවුවොත් පමණක් අපට වාහන දුවන්න හැකි වනු ඇති බවත් ඔහු සදහන් කරයි. දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කර සිටියේය. හම්බන්තොට වරාය චීනයට පැවරීම සදහා අත්සන් තබනු ලැබූ ගිවිසුම සම්පුර්ණයෙන්ම නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී බවත් තමන් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය. 

නව ව්‍යවස්ථාවක් සෑදීම සදහා වන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ මෙය සම්පුර්ණයෙන්ම පවතින ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවත් නව ව්‍යවස්ථාවක් සකසන්නේ නම් එය කල යුතු ආකාරය ව්‍යවස්ථාවේ ඇති බවත් එය නොතකමින් මේ සිදු කරගෙන යන ක‍්‍රියාවලිය සහමුලින්ම වැරදි යයිද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad