යාපනයේ තරුණයෙක් වෙඩි තබා මරයි.. STF දෙදෙනෙක් අත්අඩංගුවට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 3, 2017

යාපනයේ තරුණයෙක් වෙඩි තබා මරයි.. STF දෙදෙනෙක් අත්අඩංගුවට…

යාපනය අරියාලෙයි මණියන් තොට්ටම් වෙඩි තැබීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනෙකු පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (03) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනියුක්තව සේවය කරන ලද උපපොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු මෙසේ අද දහවල් සැක පිට අපරාධ විමර්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකා  නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පෙර අදාල තරුණයාට වෙඩි තැබීම සඳහා යොදා ගත්තේයැයි සැකකෙරෙන යතුරුපැදිය ,ත්‍රී රෝද රථය හා ගිනි අවියක්ද පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබූ සී.සී.ටී.වී වීඩියෝ පට ආශ්‍රෙයනි.

මෙසේ අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථය හා යතුරුපැදිය ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි කොට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ලබා දී ඇති බවටද සිදු කරන ලද විමර්ශන වලදී හෙලි වී ඇත. පසුගිය ඔක්තොම්බර් 22 වනදා මණියන් තෝට්ටම් ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් 27 හැවිරිදි වින්දන් රිද්මන් නැමති තරුණයෙකු බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් සුව මිය ගියේය.

තරුණයාගේ මිය යාමෙන් පසුව පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ විමර්ශන වලින් පසුව අද දින මෙසේ පොලිස් විශේෂ කාාර්ය බලකායේ උපපොලිස් පරික්ෂක වරයෙකු හා කොස්තාපල් වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට එම දෙදෙනා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad